April 20, 2024

කිංස්ලිගෙන් පසු "The Voice" තරඟාවලියට එන කවුරුත් දන්න නිවේදකයා (VIDEO)

පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වූයේ කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර හිමි වීම සම්බන්ධවයි.

ඉතින් කිංස්ලි රත්නායක සිරසෙන් ඉවත් වීමත් සමඟම හැමෝම හොයන්න ගත්ත දෙයක් තිබුණා. ඒ තමයි ද වොයිස් වැඩසටහනේ මින්පසු නිවේදනය කරන්නේ කවුද කියන කාරණය.

ඉතින් අපිට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළා මින් පසු ද වොයිස් වැඩසටහන සිදු කරන්නේ සුමිරාන් ගුණසේකර බව.

ඒෂියන් මිරර් අපි සුමිරාන් ගුණසේකර ගෙන් අනාගතයේ මොනාද කරන්නේ කියලා ඇහුවහම සුමිරන් අපිට කිව්වා සිරසෙ නිවේදන වැඩකටයුතු අලුතෙන් ආරම්භ කරනවා කියලා.

හැබැයි මීට කලින් නිවේදක තනතුරට තවත් නම් තුනක් යෝජනා වෙලා තිබුණා. ඒ සාෂා කරුණාරත්න, හිරුෂි ජයසිංහ සහ පූජා උමාශංකර්ගේ නම් තුනයි. 

Rate this item
(6 votes)
Last modified on Monday, 03 May 2021 13:29