April 25, 2024

පාස්කු ප්‍රහාරයේ දුක්බර කතාවක් - මුළු පවුලම අහිමි වූ පියා තනිවම දිව්‍ය පූජාවේ

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් දිව්‍ය පූජා පැවැත්වීම කටුවාපිටියේ නිවාස 71 කදී ප්‍රදේශයේ පියතුමන්ලාගේද සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙම ප්‍රහාරයෙන් තම බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ පියෙකු හරි හැටි ඉදි නොකළ නිවසේ සිට තනිවම දිව්‍යපූජාව පවත්වමින් දෙවසරකට පෙර මියගිය තම ආදරණීයයන් සිහි කළේ කාගේත් නෙතට කඳුළක් එක කරමිනි.

ප්‍රියන්ත නැමැති මෙම පියාට පාස්කු ප්‍රහාරයෙන් නිසා ජීවත් වූ නිවාස පවා අහිමි වී ඇත. ඔහුට දැන් නිවසක වටිනාකමක්ද නැත. තම මියගිය දියණිය අකුණුවලට බිය නිසා දරුවන් තනිකරන්නට අක්මැති ඔහු මහ වැස්සේත් නිදාගන්නේ දරුවන් අසලය. ඔහු දෙවසරක් තිස්සේ දරුවන් සමඟ සොහොනක නිදන්නේය.

කටුවාපිටිය හැම නිවාසකම මෙවන් දුක්බර කතාවක් ඇතැයි ප්‍රදේශයේ පියතුමාලා පවසති.

Rate this item
(0 votes)