April 24, 2024

කළු වර්ණයෙන් සැරසුණු එළිසබෙත් රැජින පිලිප් කුමරුගේ අවමංගල්‍යයට පිටව ගිය හැටි (PHOTOS)

බ්‍රිතාන්‍ය මහ රැජින වන දෙවන එළිසබෙත් රැජින විසින් සිය සැමියා වන එඩින්බරෝ හී ආදිපාදවරයා ද වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතුවල සුදානම බැලීම සඳහා පිටවන යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබුණි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ කළු වර්ණයෙන් සැරසුණු බ්‍රිතාන්‍ය රැජින විසින් ඇයගේ සුරතල් සුනඛයන් දෙදෙනා සමඟ ජැගුවාර් වර්ගයේ රථයක නැගී පිටත්ව ගිය බවයි. 

මෙහිදී වාහනය පදවාගෙන ගොස් තිබුණේ 94 වැනි වියේ පසුවන එළිසබෙත් රැජින විසින් වීම විශේෂත්වයකි.

අවමංගල්‍ය උත්සවය අවස්ථාවේ ද රැජින හට වෙනම ආසනයක් පැනවීමට සංවිධායකවරුන් කටයුතු කර ඇති අතර එයට හේතුව වී ඇත්තේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පූර්ව සුදානමක් වශයෙනි.

අද (17) දිනයේ ශාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානයේ දී පිලිප් කුමරුගේ අවසන් කටයුතු සිදු කිරීම නියමිතව තිබේ.

රැජින වින්ඩ්සෝර් මාලිගාවේ සිට පිටව යන අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණේ පහත අයුරිනි,

Rate this item
(0 votes)