March 29, 2024

පිලිප් කුමරුගේ ජීවිතයේ සැඟවුණු ඡායාරූප ප්‍රසිද්ධ කරයි (PHOTOS)

මහා බ්‍රිතාන්‍ය රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ මරණයත් සමඟ ඔහුගේ ජීවිතයට සමීප ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරන්නට බැකිංහම් මාලිගාව කටයුතු කර තිබේ.

එම ඡායාරූපවල පිලිප් කුමරු තමන්ගේ පවුලේ අය සමඟ විනෝද වන අවස්ථාවන් මෙන්ම ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ද සටහන්ව තිබේ.

පසුගිය අප්‍රේල් මස 09 වැනිදා 99 වියේ පසු වූ එඩින්බරෝ හී ආදිපාදවරයාද වූ පිලිප් කුමරු සිය ජීවිතයෙන් සමුගත් අතර එළැඹෙන 17 වැනි සෙනසුරාදා ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

ප්‍රසිද්ධ කරන ලද ඡායාරූප පහතින්,

තමන්ගේ මී මුණුපුරන් සහ මිණිපිරියන් වට කරගත් එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු

තම පුතු චාල්ස් ඔහුගේ බිරිඳ වන කැමිලා සමඟ සිටින පිලිප් කුමරු

තමන්ගේ වැඩිමහල් මුණුපුරා වූ විලියම් කුමරු ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ සිටින එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු

තරුණ වියේ පසුවන චාර්ල්ස් කුමරු සහ පිලිප් කුමරු අශ්වයන් සමඟ ක්‍රීඩා කරමින්

Rate this item
(0 votes)