සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාති පිරිසක් සහ අසල්වැසි හිතවතුන් පිරිසක් සමඟ හෙළ සිරිතට අනුව අද (14) උදෑසන කාල්ටන් නිවසේ දී සමරනු ලැබිය.
අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුවූයේ අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්ය.
මේ අවස්ථාවට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් එකතු වූ අතර රබන් සුරල් වාදනයට ඔවුන් දෙදෙනාගේ බිරින්දෑවරු දෙනාද එක් වූ අතර පසුව එයට අගමැති බිරිඳ ද එක්විය.