April 24, 2024

තරුත් එක්ක අවුරුදු : අලුත් අවුරුද්ද ගැන සංකේත් කියන දේ (VIDEO)

සංකේත් වික්‍රමගේ කියන්නේ හැමෝම අදුරන චරිතයක්. ඉතින් සංකේත්ගේ අම්මයි, තාත්තයි, වගේම මල්ලිත් රංගනයෙන් අපේ හමුවට එනවා. හැබැයි දැන් සංකේත්ව නම් පුංචි තිරයේ දකිනවා හරිම අඩුයි.

ඉතින් මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒෂියන් මිරර් අපි හිතුවා කලාකරුවන් අවුරුදු සමරන විදිහ ඔබත් එක්ක බෙදා හදා ගන්න.

ඉතින් "තරුත් එක්ක අවුරුදු" සමගින් සංකේත් වික්‍රමගේ අවුරුදු සමරන විදිය ගැන මෙන්න මෙහෙම කිව්වා.

"මේ අලුත් අවුරුද්ද කියන එක මනුෂ්‍යයෝ විදියට අපි විතරක් නෙවෙයි මුළු පරිසරයටම දැනෙන්නා වූ වෙනසක්. ගහකොළට හා සතුන්ට පවා අවුරුදු අසිරිය කියන දේ දැනෙනවා. හදවතට දැනෙනවා. මානුෂිකව හා ශාරීරිකවත් ඒ වෙනස අපිට දැනෙනවා. ඉතින් මේ පාර තියෙන විශේෂත්වය තමයි අපේ රටේ රජය විසින් සෞඛ්‍ය නීති රීති ටිකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ කොරෝනා වසංගතයත් එක්කලා ඒ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදත් එක්කලා බොහෝ ප්‍රවේශමෙන් ආරක්ෂිතව පවුලේ අයත් එක්ක අලුත් අවුරුද්දගත කරනවා. ප්‍රධාන දේ තමයි තමුන්ගේ ආරක්ෂාව. තමුන් සපය ගන්න ඕනේ. මේක අපේ රටට විතරක් ලැබුණු දෙයක් නෙවෙයි. මුළු ලෝකයටම ලැබුණු ලෝක වසංගතයක්. ඒ නිසා බොහොම ආරක්ෂිතව, සතුටින්, සමාදානයෙන් මේ අලුත් අවුරුද්ද ගෙදර අයත් එක්ක සමරන්න තමයි සූදානම් වෙන්නේ."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 April 2021 12:23