April 20, 2024

තරුත් එක්ක අවුරුදු : "කොරෝනා එක්ක කොරෝනා නෑ වගේ මමත් අවුරුදු සමරනවා" (VIDEO)

සුමිරාන් ගුණසේකර කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පියෙක්. රංගනයට විතරක් නෙවෙයි නිවේදනයටත් උපන් හපන් ඔහු හැමෝගෙම හිත් දිනා ගත් ආදරණිය චරිතයක්. දරුවෙක් ඉන්න සුමිරාන් හරි සුන්දර ජිවිතයක් තමයි ගතකරන්නේ.

ඉතින් මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒෂියන් මිරර් අපි හිතුවා කලාකරුවන් අවුරුදු සමරන විදිහ ඔබත් එක්ක බෙදා හදා ගන්න.

ඉතින් "තරුත් එක්ක අවුරුදු" සමගින් සුමිරාන් ගුණසේකර අවුරුදු සමරන විදිය ගැන මෙන්න මෙහෙම කිව්වා.

"අපිට අලුත් අවුරුද්දක් තිබ්බේ නැති අවුරුද්දකුත් තිබුනා. ගිය අවුරුද්දේ අපි කොරෝනත් සමඟ අලුත් අවුරුද්ද ගත කලේ නැහැ. කාටවත් අලුත් අවුරුද්ද තිබුනේ නැහැ. අපි ලොක්ඩවුන් සීසන් එකක හිටියේ. හැබැයි ඒ කාලේ වෙනකොට ලංකාවේ හිටියේ ලෙඩ්ඩු දෙන්නයි නැත්තම් තුන්දෙනයි. ඒ කාලේ ලංකාවේ ලෙඩ්ඩු දෙන්නෙක් තුන්දෙනෙක් ඉඳලත් අපි කොරෝනා නිසා අලුත් අවුරුද්ද සැමරුවේ නැහැ. හැබැයි අද වෙනකොට ලංකාවෙන් සාමාන්‍යයෙන් ලෙඩ්ඩු 100ක් 200ක් 300ක් ලැබෙනවා. සාමාන්‍යයෙන් හතර පස්දෙනා මැරෙනවා. හැබැයි අපි අවුරුදු සමරනවා. එලියට බැස්සොත් එහෙම අපිට පේනවා ජනතාව සාමාන්‍යයෙන් වෙනත් කාලවල වගේම කොරෝනා කියන එක සම්පුර්ණයෙන්ම අමතක කරලා අලුත් අවුරුද්දට මුහුණ දෙන ආකාරය. ඉතින් මම ව්‍යාපාරිකයෙක්. වෘත්තීය වශයෙන් ව්‍යාපාරිකයෙක්. පාට් ටයිම් ඇක්ටර් කෙනෙක්. ටීවී ප්‍රසන්ටර් කෙනෙක්. මම හිතනවා මේ අවුරුද්ද පහුගිය අවුරුදු දෙකම එක අවුරුද්දක් තනිකරම අවුරුද්ද තිබුණේ නැහැ."

"ඉතින් මේ ඇරියස් එකක් අල්ලලා ලංකාවේ මිනිස්සු එලියට බැහැලා අලුත් අවුරුද්ද සමරනවා. ලංකාවේ ව්‍යාපාරිකයෙක් විදියට මම හිතනවා සාමාන්‍ය වෙලා තියෙනවා බිස්නස් එක. මම කරන්නේ ඇගලුම් හා ඒ සම්බන්ධ ව්‍යාපාරයක්. නෝමල් වෙලා තියෙනවා බිස්නස් එක. මිනිස්සුත් එළියට බැහැලා තියෙනවා. අලුත් අවුරුද්දත් සාමාන්‍ය විදියට යනවා. මම හිතනවා මේ පාර අලුත් අවුරුද්ද කොරෝනත් එක්ක, කොරෝනා තිබ්බත් කොරෝනා නැති ගාණට ලංකාවේ මිනිස්සුත් අලුත් අවුරුදු සමරනවා. මාත් අවුරුද්ද සමරනවා. අවුරුද්දට ලෑස්ති වෙනවා. සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට මම අලුත් අවුරුද්දට ගෙදර නැහැ.ඒක මම දැන් අවුරුදු 10ක් විතර තිස්සේ කරන දෙයක්. සාමන්‍යයෙන් අලුත් අවුරුද්දට මගේ පවුලේ සියලුදෙනා එක්ක අපි කොහෙ හ‍රි ඇවිදින්න යනවා. මොකද අපි අලුත් අවුරුද්දට මාස 7කට විතර කලින් එක දිගට මහන්සි වෙනවා අපේ ව්‍යාපාර වෙනුවෙන්. ඒ නිසා අපි ගොඩක් දුරට ගිහිල්ලා ඔලුව නිදහස් කරගෙන එන්න යනවා. ඉතින් මෙවරත් හරියටම අද රෑට කොහේ හරි ගිහිල්ලා සතියක් විතර ඉඳලා පොඩ්ඩක් විතර රිලැක්ස් එකේ ඉඳලා එනවා. කොරෝනා තියෙනවා, හැබැයි කොරෝනා එක්ක කොරෝනා නෑ වගේ අපේ මිනිස්සු අලුත් අවුරුද්ද සමරනවා. මමත්  සමරනවා. ඔබත් සමරනවත් ඇති."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 April 2021 21:00