April 23, 2024

ඝාතනය කළා යැයි කී බොලිවුඩ් තරුව සුශාන්ත් සිංග් රාජ්පුත් ඉන්දියාවෙන් නැවත මතුවෙයි - සියල්ල හෙළි කිරීමටත් සුදානම්?

ඉන්දියානු සිනමාව වෙනුවෙන් ලෝකයේ බොහෝ දෙනෙකු කැළඹූ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පියෙකු වූ සුශාන්ත් සිංග් රාජපුත් නැවත ඉන්දියාවෙන් මතුව තිබෙනවා.

ඒ ඔහුගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටය වන “Suicide Or Murder” චිත්‍රපටයේ රංගනය සඳහායි.

සුශාන්ත්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බව කීවත් බොහෝ දෙනා එය ඝාතනයක් යැයි චෝදනා කළ අතර මෙම සිදුවීම සම්බන්ධව ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිතවලට පවා දැඩි චෝදනා එල්ල වන්නට විය.

සුශාන්ත්ගේ ජීවිත කතාව සහ ඔහුගේ මරණය සම්බන්ධව සියලු සීදුවීම් පාදක කරගෙන “Suicide Or Murder” (සියදිවි නසා ගැනීමක් ද, මරණයක්ද) චිත්‍රපටය සඳහා සුශාන්ත්ගේ රූපයට අතිශයෙන් සමාන රූප ලක්ෂණ ඇති නවක රංගන ශිල්පියෙකු යොදා ගැනීමට නියමිතව තිබේ.

සචින් තිවාරි නම් මෙම තරුණ රංගන ශිල්පියා සුශාන්ත් සිංග් රාජ්පුත්ගේ දැඩි රසිකයෙකු ද වන අතර ඔහුගේ රූපය සහ හැසිරීම පවා සුශාන්ත්ගේ පෙනුමට සමානව පවතී.

සුශාන්ත්ගේ පෙනුමට සමාන වීම නිසා ඔහුට සිය ප්‍රියතම තරුවගේ ජීවිත කතාව සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වී තිබේ.

ඔහුගේ මෙම අපුරු පෙනුම නිසාම සුශාන්ත්ගේ රසිකයන් විශාල ප්‍රමාණයක් ද සචින් වටා එකතු වී ඇති අතර ඔවුන් විටෙක සචින්ට විහිළු කරන්නේ සුශාන්ත්ගේ ‘කාබන් කොපියක්’ යැයිද පවසමිනි.

එමෙන්ම සචින්ට සමහර අවස්ථාවලදී සුශාන්ත්ගේ සුළු චරිත අවස්ථාවන් නිරූපනය කිරීමට අවස්ථාව උදාවී තිබුණු බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් බොහෝ දෙනා පවසන්නේ සුශාන්ත්ගේ කතාව රැගත් මෙම චිත්‍රපටය තුළින් ඔහුගේ මරණය සම්බන්ධව සැබෑව යටපත් වීම වැළැක්වීමට හැකිවනු ඇති බවයි.

සුශාන්ත් මෙන් පෙනුම ඇති සචින්ගේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)