April 20, 2024

තරුත් එක්ක අවුරුදු : රුක්ෂානා අවුරුද්ද ගැන කතා කරයි

රුක්ෂානා දිසානායක කියන්නේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. පුංචි තිරයේ නාට්‍ය රැසකටම රංගනයෙන් දායකත්වය දක්වන ඇය නිහතමානී චරිතයක්. රංගනයක විතරක් නෙවෙයි නර්තනයටත් ඇය හරිම දක්ෂයි.

ඉතින් මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒෂියන් මිරර් අපි හිතුවා කලාකරුවන් අවුරුදු සමරන විදිහ ඔබත් එක්ක බෙදා හදා ගන්න.

ඉතින් "තරුත් එක්ක අවුරුදු" සමගින් රුක්ෂානා දිසානායක අවුරුදු සමරන විදිය ගැන මෙන්න මෙහෙම කිව්වා.

"ඇත්තටම ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ කොරෝනා තරමක් හරි අඩුවෙලා මේ අවුරුද්ද සාමාන්‍ය පරිදිම නැතිවුනත් යම්තාක් දුරට හෝ සන්තෝසෙන් සහ නිරෝගීමත් ස්වරූපයෙන් ගත කරන්න වෙන එක ගැන ඇත්තටම සංතෝසයි. නමුත් සම්පූර්ණයෙන්ම තුරන් වෙලා නැහැ. ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. ගොඩක් අයට චුට්ටක් අමතක වෙලා කියලා හිතෙනවා සමහර අවස්ථාවන්වලදී. නමුත් මේ තත්ත්වය යථාතත්වයට පත්වෙන්න අපෙන් ලොකු සහයෝගයක් අවශ්‍ය වෙලා තියෙන වෙලාවක ඉතින් සමහරක් වෙලාවට ගොඩක් දෙනා එක්රැස් වීමුත් දකින්න තියෙනවා සමාජයේ."

"ඉතින් මේ දේවල් ගැන මීට වඩා සැලකිලිමත් වෙලා මේ කාරණාව සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කරන්නත් තාමත් අමාරුවෙලා තියෙනවා. ඉතින් ලංකාවෙ අපි ජාතියක් විදිහට අපි මේ සම්බන්ධව බැරෑරුම් විදියට හිතලා යම්තාක් දුරට අපෙන් වෙන්න ඕනි සහයෝගය ලබා දීලා කටයුතු කළොත් මීට වඩා හොඳයි. නමුත් අවංකව පෞද්ගලිකව සන්තෝසයක් තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද විශේෂයෙන්ම ගිය අවුරුද්දේ තිබුණ වාතාවරණයෙන් තුරන් වෙලා යම්තාක් දුරට හරි අපිට සන්තෝසෙන් අවුරුදු ගත කරන්න පුළුවන් වෙන එක ගැන."

Rate this item
(0 votes)
Last modified on Monday, 12 April 2021 20:53