April 20, 2024

ලෝකයේ දැවැන්තම යුටියුබ් නාලිකාවක හිමිකරුවෙකු ලංකාවේ රූ කිරුළු ආරවුල ගැන කිව්ව කතාව

ලෝකයේ යුටියුබ් සමාජ මාධ්‍ය තුළ තාක්ෂණික ගැජට් ෂෝ කරන්නන් අතර වැඩිම සබ්ස්ක්‍රියබ් ප්‍රමාණයක් හිමි නාලිකාවක් වන “Unbox Thearpy (අන්බෝක්ස් තෙරපි)” නාලිකාව කරගෙන යනු ලබන ලුවිස් ජෝර්ජ් හිල්සෙන්ටර් විසින් ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වූ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධව වූ ආරවුල පිළිබඳව සිය අදහස් අද (11) දිනයේ යුටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.

අන්බෝක්ස් තෙරපි නාලිකාවේ සමගාමී නාලිකාවක් වන “LaterClips (ලෙටර්ක්ලිප්ස්)” ඔස්සේ මෙලෙස ජෝර්ජ් හිල්සෙන්ටර් සිය අදහස් ප්‍රකාශ කර තිබුණු අතර ඔහු පවසා සිටියේ මෙවන් සිදුවීමක් තමන්ගේ ජීවිතයටම දැක තිබුණේ නැති බවයි. ජෝරජ් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සිදුවීම විශ්වාස කිරීමට අපහසු සිදුවීමක් බවයි.

එහිදී ජෝර්ගේ මිතුරෙකු වන සහ අන්බෝක්ස් තෙරපි නාලිකාවේ සම නිර්මාතෘවරයෙකු වන ජැක් මැකාන් ද එක්ව සිටියේය.

ජෝර්ජ් විසින් මෙම සිදුවීම සම්බන්ධව සිය අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවන් සිදුවීමක් වීම අදහා ගත නොහැකි බවයි. එම සිදුවීම තමන්ට සත්‍ය සිදුවීමක් යැයි විශ්වාස කිරීමට තරම් අපහසු එකක් බවද ඔහු සඳහන් කළේය. 

මෙම සිදුවීම වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ද එම ස්ථානයේ රැඳී සිටි බවට ඔහු ප්‍රකාශ කර සිටින අතර එම කිරුළ ගලවනු ලබන වීඩියෝව අමුතුම ආකාරයේ වීඩියෝවක් බවද ඔහු පවසා සිටියේය.

ජෝර්ජ් සහ ජැක් විසින් ලෙටර්ක්ලිප්ස් නාලිකාව ඔස්සේ ලෝකයේ විවිධ සිදුවීම සම්බන්ධව සිය අදහස් බෙදා හදා ගන්න අතර ඔවුන් මෙවර ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධ සිදුවීම මෙයට යොදාගෙන තිබුණි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(8 votes)
Last modified on Sunday, 11 April 2021 16:30

Related items