April 25, 2024

කිරුළ ගලවන්න ගිහින් අත්අඩංගුවට පත් චූලා පොලීසියේ ඉඳන් ලයිව් ඇවිත් කියපු කතාව

පසුගිය 04 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින උළෙලේ දී විවාහක රූ රැජින ලෙස අභිෂේක ලද පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඉවත් කළ ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි සහ එම අවස්ථාවේ එයට සම්බන්ධ වූ චූලා පත්මේන්ද්‍ර මහත්මින්ව මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් චූලා පත්මේන්ද්‍ර මහත්මිය විසින් සමාජ මාධ්‍ය වෙත සජීවි විකාශයක් ලබාදෙමින් පවසා තිබුණේ තමන්ව සහ කැරොලයින් ජූරිව අත්අඩංගුවට ගත් බවට පළ වන පුවත් අසත්‍ය බවයි.

කලබල වී සිටින තමන්ගේ මිතුරු මිතුරියන්ට කලබල නොවන ලෙසද ඇය එහිදී කියා සිටියාය. 

තමන් සහ කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණියේ පැමිණිල්ලක් සඳහා ප්‍රකාශ ලබා දීමට බවද ඇය සඳහන් කළාය. 

දෙපාර්ශවයේ ම එකඟතා මත මෙම සිදුවීම සම්බන්ධව නඩු මාර්ගයට පිවිසීමට කටයුතු කළ බවද එහිදී චූලා පත්මේන්ද්‍ර මහත්මිය සඳහන් කර සිටියාය.

ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)

Related items