April 24, 2024

විවාහක රූ රැජින දෙවැනියාගේ දේශපාලනය

මතභේදාත්මක සිද්ධියකින් අවසන් වූ විවාහක රූ රැජන තරගයේ දෙවැනි ස්ථානයට පත්ව පසුව ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳූ ආශියා බස්නායක මෙරට වාමාංශික දේශපාලනය හා සම්බන්ධ පවුලකට ඥාති කම් කියයි.

ආශියාගේ ස්වාමිපුරුෂයා වන්නේ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම යහපාලන ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ද දැරූ තාරානාත් බස්නායක මහතාය.

යහපාලන ජාතික ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය 2018 අප්‍රේල් මස ඉවත් වෙද්දි ඒ පිරිසට බස්නායක මහතාද ඇතුළත් විය.

ඉන්පසුව යහපාලන ආණ්ඩුවේ සිටි එජනිසය නියෝජනය කළ එස්.බී. දිසානායක, ඩබ්ලිව්. ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු 16 දෙනෙකු සෘජුවම පොදු ජන පෙරමුණට සම්බන්ධ වූ අවස්ථාවේ තාරානාත් බස්නායක මහතාද එම කණ්ඩායමට ඇතුළත් විය.

2020 අගෝස්තු මහා මහමැතිවරණයට පොදුජන පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කළ බස්නායක මහතා පොදුජන පෙරමුණට එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 11ක් ලැබෙද්දී ඊට ඇතුළත් වීමට නොහැකි විය.

තාරානාත් බස්නායක මහතා සිය පියා වූ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයන් වල සිටි කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ බන්දුල බස්නායක මහතාගේ දේශපාලන උරුමයෙන් දේශපාලනයට පැමිණි කෙනෙකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 19:42