March 29, 2024

පාසල් දැරියගේ ඉතිහාස පොතෙන් එළියට ආ 54 හැවිරිදි ‘විසේකර මහතුන්ගේ’ කෙරුවාව

වයස අවුරුදු 15ක් පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන ඇයගේ 54 හැවිරිදි ඥාති සීයා කෙනෙකු සැකපිට ඊයේ (06) දිනයේ දී දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ප්‍රධාන ශිෂ්‍ය  නායිකාවක විසින් විදුහලේ ගුරුවරියකට ලබා දුන් තොරතුරක් මත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී.එදිරිසිංහ මහතා පැවසීය .

දඹුල්ල නගරය ආසන්නයේ පාසලක ඉගෙනුම ලැබූ මෙම 15 හැවිරිදි සිසුවිය ගේ  පොත්පත් පරික්ෂා කිරීම්  ශිෂ්‍ය නායිකාවන් විසින් සිදු සිදුකරද්දී ඉතිහාසය පොතේ පිටු අතරින් "මහතුන් සීයා මට මතක් වෙනවා "යනුවෙන් සටහනක් තබා එහි හදවත්ක රූපයක් සටහන් කොට තිබී ඇත.

මෙම අමුතු සටහන ගැන ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට සැකයක් ඇතිව තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව විද්‍යාලයේ පන්තිභාර ගුරුවරියකට මේ බව සඳහන් කොට ගුරු ගුරුවරිය ඉතා සූක්ෂම ලෙස දඹුල්ල පොලිසියේ හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිනි නිලූකා විජේතිලක මහත්මියට දැනුම් දී එහි බරපතළ සැකයක් පවතින බව ඒ පිළිබඳව සොයා බලා ලෙස ඉත් ඉල්ලිමක් කොට තිබේ.

දෙමාපියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ දැනුවත් කරමින් තමන්ට ලැබුණු පැමිණිල්ල තොරතුරු  පිළිබඳව ඇය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි විමර්ශනය කරන්නට වූයේ මෙරට සුවහසක් පාසල් දරුවන්ට මේ දිනවල අත්ව ඇති  ඉරණම නිසාවෙනි.

‘’ඉතිහාස පොතේ මහතුන් සීයා මතක් වෙනවා’’ යැයි සටහන් තැබූ පහළොස් හැවිරිදි සිසුවිය සමඟ ඉතා සමීප වූ පොලිස් පරික්ෂා නිලුකා මහත්මිය හෙළි කර ගෙන  ඇත්තේ  මෙම දියණියගේ ළඟම ඥාති සීයා කෙනෙකු වන අයෙකු ඇයට ලිංගික අතවර අවස්ථා ගණනාවක් සිදුකර ඇති බව ය.

එම ප්‍රකාශ අනුව පාසල් දියණිය රෝහල් ගත කොට වාර්තාවක් ලබාගෙන 54 හැවිරිදි මහතුන් සීයා ගේ අදත් දෙකට මාංචු දැමීමට ඇයට හැකි වී තිබේ .

ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වල දී අවස්ථා හතරකදී මෙම කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව හෙළි වූයේ යැයි පොලිස් පරික්ෂා  නිලූකා විජේතිලක මහත්මිය ඒෂියන් මිරර් සමඟ පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර සැක සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම්ට නියෝග කර තිබෙන අතර දැරිය මව භාරයේ පසුවේ.

දඹුල්ල - කාංචන කුමාර

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 13:34