April 19, 2024

“මේ කිරුල මගේ නෙමෙයි - මේක මම පරිත්‍යාග කරනවා” - විවාහක රූ රැජිනගෙන් ප්‍රකාශයක්

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සිය කිරුළ නැවත පුද කරන්න සුදානම් වෙයි.

පසුගිය 04 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජින තේරීමේ තරඟාවලියේ දී අවාසනාවන්ත අයුරින් කිරුළ අහිමි කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට අද (06) දිනයේ නැවත කිරුළ ලබා දීමට කටයුතු කරනු ලැබීය.

එහිදී ඇය කියා සිටියේ මෙම කිරුළ ඇයට පමණක් අයිති එකක් නොවන බවත්, එම රූ කිරුළ ඇය මෙන් තනි වූ සියලු මව්වරුන්ට අයිති කිරුළක් බවයි. 

ඒ හේතුවෙන් එම කිරුළේ ගෞරවය එම තනි වූ මව්වරුන්ට ලබා දීමට තමා සුදානම් බවද 2020 විවාහක රූ රැජින ප්‍රකාශ කර සිටි අතර ඒ වෙනුවෙන් ඉදිරියේ දී ඇය විසින් වැඩකටයුතු කරන බවද සඳහන් කළාය.

තමන් යකඩ ගැහැනියක් බවත්, තමන් වෙනුවෙන් උදව් කළ සියලු දෙනා ගැන පමණක් තමන් සිතන බවද ඇය කියා සිටියාය.

මෙම අවස්ථාවේ ඇය බොහෝ සෙයින් සංවේදී විය.

Rate this item
(0 votes)

Related items