April 20, 2024

කැරොලයින්ට ලෝක විවාහක රූ රැජින කිරුළ අහිමි වෙයි? - ජාත්‍යන්තර ආයතනය අවසාන සාකච්ඡාවක් කැඳවයි

පසුගිය 04 වැනිදා නෙළුම් පොකුණේ දී නිමාවට පත්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම තරඟාවලියේ දී සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජින තරඟාවලිය පවත්වන ලබන ප්‍රධාන ආයතනය විසින් සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය (Mrs World Inc) පෙන්වා දෙන්නේ වත්මන් ලෝක විවාහක රූ රැජින කිරුළේ හිමිකාරීත්වය දරන කැරොලයින් ජූරිගේ ක්‍රියා කලාපය පිළිබඳව සිය ආයතනය දැඩිව කණගාටුවට පත්වන බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් සාකච්ඡාවක් සිදු කරමින් සිටින බවත්, ඔවුන්ගේ සාකච්ඡාවේ අවසාන තීරණය අනුව වත්මන් කිරුළ හිමි කැරොලයින් ජූරි සම්බන්ධව අවසාන තීරණයක් ගන්නා බවද පවසා තිබේ.

එමෙන්ම කැරොලයින්ගේ හැසිරීම සම්පුර්ණයෙන්ම මිසිස් වර්ල්ඩ් තරඟාවලියේ ආචාර්ය ධර්මවලට පටහැනි බවත්, ඊළඟ ලෝක විවාහක රූ රැජින තේරී පත් වන තුරු කාලසීමාව තුළ කැරොලයින් බැඳී සිටින සියලු නීති හා රෙගුලාසිවලට පටහැනිව ඇය ක්‍රියා කර ඇති බවද ඔවුන් අවධාරණය කර තිබේ.

එමෙන්ම කිරුළ හිමි ව තිබී පසුව අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුඳුවත්ත පොලීසියේ ගොනු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කැරොලයින් ජූරි මහත්මියව කැඳවා තිබුණු නමුත් ඇය ඒ සඳහා සහභාගී වී නොතිබුණි.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)

Related items