April 20, 2024

කැරොලයින්ගේ ක්‍රියාව ගැන චන්දිමාල් සංවේදී වෙයි - වසර 35කට පසුව හිමි වූ ජයග්‍රහණයත් නැති වෙයි?

පසුගිය 04 වැනිදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ දී සිදු වූ කනගාටුදායක සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලි අධ්‍යක්ෂක ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ විසින් අදහස් පළ කර සිටියේ සංවේදී වෙමිනි.

එහිදී ඔහු විසින් කියා සිටියේ 2019 වසරේ දී ලෝක විවාහක රූ රැජින බවට පත් වූ කැරොලයින් ජූරි හට සිය කිරුළ පවා අහිමිව යා හැකි බවයි.

චන්දිමාල් විසින් එහිදී ප්‍රකාශ කර සිටියේ කැරොලයින් විසින් කරගත්තේ විශාල අපරාධයක් බවයි. 

එහිදී චන්දිමාල් විසින් “ජාත්‍යන්තර ජයග්‍රාහිකාවක් කියන්නේ මං හිතන්නේ ඒක ලොකු තනතුරක්.. ඉතින් ඒ ක්‍රවුන් එකේ ස්ලෑෂ් එක මං හිතන්නේ අපේ රටට ලැබුණෙත් අවුරුදු 35කට පස්සේ.. අපි හැමෝම එක වගේම සතුටු වෙච්චි දවසක්” යැයි ප්‍රකාශ කර සිටියේ දැඩිව සංවේදී වෙමිනි.

තමන් පමණක් නොව ලංකාවේ අවුරුදු 35කට පසුව, රෝසි සේනානායක මහත්මිය විසින් කිරුළ දිනා ගැනීමෙන් පසුව සියලු දෙනා බොහෝ ලෙස සතුටු වූ ලංකාව ලබා ගත් ජයග්‍රහණයක් බවද චන්දිමාල් ජයසිංහ විසින් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම ජයග්‍රහණය මෙසේ අහිමි වෙතැයි යන තැන තමන් කවදාවත් නොසිටි බවයි.

“මට ලොකු දුකක් තියෙනවා..මම ඒ ජයග්‍රහණය ලබා ගන්න අවුරුදු ගානක් දුක් විඳපු කෙනෙක්...ඉතින් මම ඒ හැමෝටම ගොඩාක් උදව් කරපු කෙනෙක්..මම කැරොලයින්ට පවා හුඟක් උදව් කරලා තියෙනවා..මගේ සහෝදරියක්ට වගේ සලකලා තියෙනවා.. ඇය මේ වගේ දෙයක් කරේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ.. ඇයට මං එක්ක කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ…” යැයි පැවසූ චන්දිමාල් විසින්  සඳහන් කර සිටියේ කැරොලයින් හට පුෂ්පිකා ද සිල්වා සමඟ යම් පෞද්ගලික ප්‍රශ්නයක් තිබෙන්නට ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ යුටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවක් සමඟ පැවැති සංවාදයකට එකතු වෙමිනි.

Rate this item
(0 votes)

Related items