April 16, 2024

මධූෂ් ලක්ෂිතට “මාකඳුරේ මධූෂ්” නම ලැබුණු හැටි

ශ්‍රී ලංකාවේ පාතාලය තුළ දැඩි කතාබහකට ලක් වූ චරිතයක් වුණු මාකඳුරේ මධූෂ් ව හඳුන්වා දිය හැකිය.

පාතාල නායකයෙකු ද වන මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේදී 2020 වසරේ ඔක්තොම්බර් 20 වැනිදා අළුයම සිදු වූ වෙඩි ප්‍රහාරයකින් මිය ගියේය.

මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, අලුයම 3.08ට පමණ මෙම සිදුවීම විය.

“මාකඳුරේ මධූෂ්” හට ඔහුගේ නම ලැබුණු හැටි පිළිබඳව අපුරු කතා පුවතක් තිබේ.

දකුණු පළාතේ කඹුරුපිටියේ දී සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත සිය විවාහයෙන් පසුව මාකඳුරේ ප්‍රදේශයට පැමිණ තිබේ.

පසුව ඔහු කරන ලද අපරාධයන් සමඟ ප්‍රසිද්ධියට පත් වූ පසුව ඔහුව බොහෝ දෙනා මාකඳුරේ මධූෂ් ලෙස හැඳින්වීමට පටන් ගෙන තිබුණේ විවාහයෙන් පසුව ඔහු ජීවත් වූ ප්‍රදේශයේ ද නම ඈඳා ගනිමිනි.

Rate this item
(1 Vote)

Related items