April 24, 2024

බලහත්කාරයෙන් ගලවා දැමූ විවාහක රූ රැජිණ කිරුළ නැවතත් අභිෂේක කිරීමට සුදානම් වෙයි

ඊයේ (04) දිනයේ දී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේ දී සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වූ ප්‍රථම ජයග්‍රාහිකාව පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය අයේෂා දුලංජි හට පැළැඳවීමේ සිද්ධිය වෙනස් මඟකට යොමුව තිබේ.

ඒ්ෂියන් මිරර් කළ සොයා බැලීමකදී වාර්තා වුයේ පුෂ්පිකා ද සිල්වාගෙන් ගලවා ඉවත් කළ විවාහක රූ රැජිණ කිරුළ ඇයට නැවත පළඳවන්න සුදානම් වන බවයි.

ඒ අනුව හෙට (06) දිනයේ දී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී පුෂ්පිකා ද සිල්වා හට නැවත ඇයට හිමි කිරුළ ලබා දීමට සුදානම් බව වාර්තා වෙයි.

සියලු දෙනා මවිතයට පත් කරමින් ඊයේ දිනයේ දී 2019 වසරේ දී ලෝක විවාහක රූ රැජින වූ කැරොලින් ජූරි විසින් පුෂ්පිකා ද සිල්වා දික්කසාද තැනැත්තියක් බවත්, දික්කසාද වූ කෙනෙකුට කිරුළ දැරිය නොහැකි බවත් පවසමින් ඇයගෙන් කිරුළ ගලවා ඉවත් කිරීමට කටයුතු කළාය.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක් වූ සිදුවීමක් බවටද පත්විය.

Rate this item
(2 votes)

Related items