April 25, 2024

(EXCLUSIVE) කිරුළ ගැලවූ සිද්ධියෙන් පසු පුෂ්පිකා, කැරොලින් ගැන පළමුවරට කතා කරයි

ඊයේ (04) පැවැති විවාහක රෑ රැජින තේරීමේ තරඟාවලියේ ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ඒෂියන් මිරර් සමඟ සිදුවීම ගැන අදහස් පළ කළාය.

එහිදී ඇය විසින් කියා සිටියේ සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර ඇති බවත්, ඇයගේ නීතිඥවරුන් මාර්ගයෙන් සිදු වූ අපකීර්තිය සම්බන්ධයෙන් හානි පුර්ණය කර ගැනීම සඳහා නඩු මඟට පිවිසෙන බවයි.

තමන්ට කියන්න ඇත්තේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කී “මම ජනාධිපති වෙලත් හිටියා, අගමැති වෙලත් හිටියා මට තනතුරු ලොකු නැහැ” යන කතාව බවද ඇය සඳහන් කළාය.

තමන්ට දැනටමත් ටයිටල් දෙකක් ඇති බව තමන්ගේ ගමන නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් පුෂ්පිකා කියන්නේ පුෂ්පිකාම බවත් ඇය ඒෂියන් මිරර් වෙත පැවසීය.

කැරොලින් ජූරි වගේ කෙනෙකුට මිසිස් වර්ල්ඩ් වැනි නාමයක් නොගැලපෙන බවත් තමන්ගේ කිරුළ නොවන ඇයගේ කිරුළ ගලවා දැමිය යුතු බවත් ඇය සඳහන් කළාය.

එම සිදුවීම වන අවස්ථාවේ තමන්ගේ හිස ඇති කිරුළ ඇද ගලවා ගැනීමට උත්සාහ කළ බව ප්‍රකාශ කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළේ ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගැනීමටද ක්‍රමයක් ඇති බවයි.

ඇය දික්කසාද වී ඇති බවට වන චෝදනාවටද ඇය පිළිතුරු ලබා දී තිබුණු අතර ඇය කියා සිටියේ තමන්ගේ විවාහ ජීවිතය තුළ නීතියෙන් වෙන් වී (දික්කසාද) නොසිටියත්, ඇය වෙන් ජීවත් වන බවයි.

ඇය විසින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට අදහස් කරන බවත් එහිදී සියල්ල හෙළි කරන බවත් ඇය සඳහන් කළාය.

Rate this item
(2 votes)

Related items