March 29, 2024

විවාහ නොවන බව කියූ ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට (PHOTOS)

උදයන්ති කුලතුංග කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක් ඒ වගේම ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක්. ඒ වගේම ඇය බොහෝ මියුසික් වීඩියෝවල රූප රචනා ඔස්සේත් දැකගන්න පුළුවන්.

ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම රංගන ශිල්පිනී උදයන්ති කුලතුංග කාලක් තිස්සේම සිට මෙරට පුවත් මවන චරිතයක් කිව්වොත් හරි.

බොහෝ නිර්මාණ ඔස්සේ පෙම්වතියගේ චරිතය රඟ දක්වමින් සිටි ඇය හිටි අඩියේම ඇය බොහෝ සේ නිහඬ වෙලා හිටියා. නමුත් දැන්නම් නැවතත් ඇය විවිධ චරිත ඔස්සේ අපට විවිධ නිර්මාණ තුළින් දැකගන්න පුළුවන්. 

ඇය විවාහ නොවන බව මෑතක් වෙන තෙක් පවසමින් හිටියා. නමුත් ඔන්න එය වෙනස් කරමින් ඇය ඊයේ දිනයේ අකිල නම් කෙනෙකු හා විවාහා දිවියට පත්ව තිබෙනවා. ඔවුන්ගේ විවාහා මංගල‍යට තවත් බොහෝ කලා තරු රැසක්ද සහභාගී වෙලා තියෙනවා. 

Rate this item
(0 votes)