April 20, 2024

දුරකථන කැමරාවකින් නංගිලාගේ අමුතු වීඩියෝ ශූට් එකක් කරන්න ගිය අයියාට වුණු දේ

ජංගම දුරකථනය මඟින් බාලවයස්කාර ගැහැනු දරුවන් දෙදෙනෙකුගේ රහස් ප්‍රදේශ වීඩියෝ කරන්නට ගිය අවුරුදු 20ක තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කොබෙයිගනේ ප්‍රදේශයේ තරුණයෙකු බවට අනාවරණය වෙයි.

ඔහු විසින් මෙලෙස රහස් ප්‍රදේශ වීඩියෝ කරන්නට ගොස් තිබුණේ වයස අවුරුදු 09ක් හා 10ක් වන බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුගේ බවට සඳහන් වෙයි.

එම දැරියන්ගේම නිවෙස් අසළ පදිංචි මෙම සැකකාර තරුණයා විසින් දැරියන්ගේ නිවසට නිතරම යන එන බවද සඳහන්. 

කිහිප අවස්ථාවකම දැරියන්ට නොපෙනන ලෙස ඔවුන්ගේ රහස් ප්‍රදේශ වීඩියෝ ගත කර ඇති බවත්,තවත් අවස්ථාවක ඔහු විසින් තර්ජනය කරමින් මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් සඳහන් වෙයි.

කොබෙයිගනේ පොලීසිය විසින් කරන ලද විමර්ශනයකින් පසුව අදාළ තරුණයාව දැරියන්ගේ වීඩියෝ ඇතුළත් දුරකථනය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)