April 24, 2024

මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා මියයයි (PHOTOS)

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල තුල ඉකුත් 24 දින මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (31) දින මිය ගිය බව වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසිය.

මන්දට හසු වි කදුකර කොටියාගේ උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වී තිබීම නිසා කදුකර කොටියා මිය ගිය බව වනජිවි පශු වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

අවු 10 පමණ වයසැති අඩි 8 පමණ දිගකින් යුත් හොදින් වැඩුණු කදුකර කොටියා පිරිමි සතෙකු වන අතර, බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේ රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට හසු වු කොටියා මන්ද සවි කර තිබු මුගුරද සමග කඩා ගෙනවිත් බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල ආසන්නයේ වැටි සිටියදි රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් මන්දට හසු වී සිටි කොටියා නිර්වින්දනය කර දැඩි පරිශ්‍රමයක් දරා මුදාගෙන රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් කොටියා බේරා ගැනිමට ප්‍රතිකාර ලබාදෙමින් දැඩි උත්සහයක නිරත වී සිටියදි කදුකර කොටියා මියගොස් ඇත.

මිය ගිය කදුකර කොටියා මන්දට හසු වු ප්‍රදේශයේ සහ රක්ෂිතය තුල දඩයම්කරුවන් විසින් අටවා තිබු මදු විශාල ප්‍රමාණයක් ගලවා ඉවත් කිරිමට නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සහ බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ සේවකයින් පසුගිය දා කටයුතු කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 April 2021 11:52