April 25, 2024

සුමති සම්මාන උළෙල වර්ණවත් කරන්න තරු රැසක් පායයි (PHOTOS)

ඊයේ රාත්‍රිය හරිම මනරම් රාත්‍රියක්. ඒ මොකද කියනවා නම් ඊයේ තරු ගොඩක් පායලා තිබුණ රැයක්. ඒ කියන්නේ සුමති සම්මාන උළෙල සඳහා ක්ෂේත්‍රයේ ජනප්‍රිය මෙන්ම විශිෂ්ට රංගන ශිල්පීන් රැසක් එක් වෙලා තිබ්බා.

මෙහිදී 25 වන සුමති සම්මාන මහිමාලංකාරයේ වසරේ ජනප්රියම නළුවා ලෙස සජිත අනුත්තර තේරී පත් වූ අතර වසරේ ජනප්රියම නිළිය ලෙස සෙනාලි ෆොන්සේකා තේරී පත්විය. ඒ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරා වගේම පාඨලී. නාඩගම්කාරයෝ කියන්නේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන නාට්‍යක් කිව්වොත් නිවැරදියි.

හොදම නළුවා ලෙස රංගන ශිල්පී රොෂාන් රවින්ද්‍ර‍ සම්මාන ලබා ගත් අතර හොදම නිළිය ලෙස සමනළි ෆොන්සේකා සම්මානය පාත්‍ර විය.
වසරේ ජනප්රියම ටෙලි නාට්යය ලෙස "තාදී" සම්මානයට පාත්‍ර විය.
එම රැය වර්ණවත් කළ ජායාරූප කිහිපයක් අපිට ලැබුණා.
Rate this item
(0 votes)
Last modified on Saturday, 27 March 2021 10:57