April 18, 2024

“අපි එන්න ප්‍රමාද වුණේ නැහැ - නුඹලා යන්න ඉක්මණ් වුණා” - මාරක රිය අනතුර සිදු වු ස්ථානයට ගිය වෛද්‍යවරයාගේ සංවේදී සටහන

පස්සර 18 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරළීමෙන් සිදු වු අනතුරට මුහුණ දුන් මගීන්ට උපකාර කිරීම සඳහා ගිය පස්සර රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ සංවේදී ෆේස්බුක් සටහනක් තබා තිබුණි.

එහිදී පාලිත රාජපක්ෂ මහතා සටහන් කර තිබුණේ තමන්ට පාන්දර කාලයේ දී ඔහුගේ වෛද්‍ය සගයෙකු වන සහ පස්සර රෝහලේ අධ්‍යක්ෂක සමරබන්දු මහතාගෙන් ඇමතුමක් ලැබුණු බවයි. එහිදී වෛද්‍ය සමරබන්දු විසින් “මචෝ බස් එකක් පෙරලිල සෑහෙන්න ඩැමේජ් ඉක්මණින් වරෙන්” ලෙසින් පවසා සිටි බවයි.

ඉක්මණින්  හදිසි ප්‍රතිකාර ඒකකයට ගොස් අවශ්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය සුදානම් කරගන්නට වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණු අතර ඔහුගේ සහාය තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුද එකතු වී තිබුණි.

මෙහිදී අනතුරට පත් මගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පස්සර රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය සුදානම්ව සිටි බවද වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් සටහනේ ලියා තිබුණි.

සහායක වෛද්‍යවරුන් සමඟ වෛද්‍ය පාලිත මහතා පස්සර 18 කණුව ප්‍රදේශයට ගොස් ඇත්තේ ඇම්බියුලන්ස් රථ 6ක් ද සමගිනි.

සිද්ධීය වු ස්ථානයට වෛද්‍යවරයා විසින් ළඟා වී ඇති අතර අඩි 250ක් - 300ක් පමණ පහළ ප්‍රපාතයේ බස් රථයේ යකඩ තිබි ඇති අයුරු වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් සටහනේ තබා තිබුණි. තමන් හෘද්‍යාබාධ 2ක් වැළැඳී ඇති අයෙකු බවත්, දණහිසේ අබාධයකින් පෙළෙන අයෙකු වුවත් එම ප්‍රපාතය වෙත බැස්ස බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා තිබුණි.

මිනිස්සු 400ක් 500ක් පමණ එක්ව මිනිස් අත්වැලක් නිර්මාණය කර තිබුණු බවත් ඔවුන් විසින් තුවාල ලැබූ සහ මරණයට පත් වු පිරිස ප්‍රපාතයෙන් ඉහළට ගෙන යමින් සිටි බවද වෛද්‍යවරයාගේ සටහනේ ලියා තිබුණි.

ඉන් එක් අවස්ථාවක ප්‍රපාතයෙන් ඉහළ තිබූ ගලක් කඩා වැටී තිබූ අතර එහිදී අනතුරට පත් අයට උදව් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකුගේ පාදකයට හානි වී තිබූ බවද වෛද්‍ය පාලිත මහතා විසින් සටහන් කර තිබුණි.

එම අවස්ථාවේ සහයට පැමිණි සියලු දෙනා හටම වෛද්‍යවරයා විසින් සිය ස්තූතිය පුද කර තිබූ අතර ඔහු විසින් තවත් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ “අපි එන්න ප්‍රමාද උනේ නැහැ .. එත් නුබල යන්න ඉක්මන් උනා... අපි උත්සාහ කලා බොහොමයක්… නුබල උත්සාහයඅත් හැරියා මිනිසුනේ..” යනුවෙනි.

මෙම සටහන ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු සංවේදී කරන ලද වචන කිහිපයක් බවටද පත්විය.

එම ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(3 votes)