March 29, 2024

රමිත් රඹුක්වැල්ල සිය අලුත උපන් දියණියගේ හිසකෙස් කැපීමේ චාරිත්‍රය කළේ මෙහෙමයි (PHOTOS)

රමිත් රඹුක්වැල්ල කියන්නේ දේශපාලන වේදිකාවේ ඉදිරිපෙළ චරිතයක් වන කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතා වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ වෙද්දි ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී දැකගන්න නොලැබුණත් ලංකා ප්‍රිමියර් ලීග් වැනි තරගාවලි ඔස්සේ ඔහුව දැකගන්න පුළුවන් වුණා.

රමිත් රඹුක්වැල්ල විවාහ වී සිටින්නේ සුරූපී නටාලි ෂෙනෙල් සමඟ. රමිත් හා නටාලි විවාහ වෙලා වසර දෙකතුනක් ගත වුණාට පස්සේ මේ දෙන්නාගේ සොඳුරු කැදැල්ලට පසුගියදා සොඳුරු අමුත්තෙක් එකතු වුණා. ඒ තමයි ඔවුන්ගේ ආදරණීය දියණිය. ඔවුන් පසුගිය දිනක තම සිඟිති දියණියගේ පළමුවට හිසකෙස් කැපීමේ චාරිතයේදී ගත් පින්තූර වගයක් මෙලෙසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

Rate this item
(0 votes)