March 29, 2024

"අපේ අප්පච්චි මේ නාට්‍ය බලන විදිහ මාර ආතල් - අම්මත් කෝල් කරලා අහනවා ඊලඟට මොකද වෙන්නේ කියලා - සරා (VIDEO)

නාඩගම්කරයෝ මේ දවස්වල හරිම ජනප්‍රිය නාට්‍යක්. ඉතින් මේ නාට්‍යයේ අපිට එක පාරටම මතකෙට එන හරි හුරු පුරුදු චරිත කිහිපයක් තියෙනවා. ඒ සරා, මාලන්, කුකුලා මුදලාලි වගේම කුකුල් කෑල්ල. ඉතින් මේ නාට්‍යයේ කොටස් කිහිපයයි මේ වෙනකොට විකාශය වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් ඒ කොටස් සියල්ලම වගේ යුටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇවිත් තියෙනවා. 

ඉතින් මේ නාඩගම්කාරයෝ නාට්‍යයේ සරා චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත අනුත්තර ඇන්තනී. අපි සූරිය අරණ ෆිල්ම් එකෙන් තමයි මේ චරිතේ මතක තියාගෙන හිටියේ. මේ කොහොම වුනත් සජිත මේ සරා කියන චරිතය හරි අපූරුවට රඟපානවා.

සජිත ලඟදි දවසක යුටියුබ් නාලිකාවකට ඉන්ටව් එකක් දීලා තියෙනවා අපි දැක්කා. ඒකෙ සජිත හරි අපුරු කතා ටිකක් කියනවා. 

සජිතගේ තාත්තා තමයි හැකියාවන් ගණනාවක් තියෙන ජැක්සන් ඇන්තනි කියන්නේ. ඔවුන්ගේ පවුල කළා පවුලක් විදියට රසික හදවත් හොරාගෙන තිබෙන බව නම් නොරහසකි. 

සජිත ඒ ඉන්ටව් එකේ හරි අපූරු කතාවක් කියනවා. ඒ තමන්ගේ පියා ගැන. තමන්ගේ රංගන පියා රසවිදින විදිය ගැන. තමන් නිහතමානීව ආඩම්බර වන බවත් ඔහු කියනවා. තමාව කිසි වෙලාවක තමාගේ පියා සමඟ සංසන්දනය කරන්න බැරි බවත් ඔහු කියනවා. ඒ තමන්ට වඩා පියාට ඇති අත්දැකීම් නිසා කියලත් කියනවා. 

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)