April 20, 2024

(EXCLUSIVE) M.G ගේ හඬ පටය එළියට - "මේ අවුරුද්දේ ලොකු දේවල් ටිකක් වෙනවා - M.G අලුත් වැඩකට අත ගහයි

M.G.ධනුෂ්ක ශ්‍රී ලාංකීය රියැලටි තරු කිරුළ දිනූ ජයග්‍රාහකයෙකි. M .S ප්‍රනාන්දු මහතාගේ ගීතවලට නව ආරක් එක් කරමින් ඔහු ඉදිරිපත් කළ ගායනා රසික හදවත් සොරා ගන්නට සමත් වුණා.

නමුත් තරු කිරුළ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු පසු පස ආ නීතිමය බාධක තත්වයන් හේතු පාදක කරගනිමින් M.G ආ ගමන මදක් අඩාල විය.

කාලයක් සද්ද වහලා ගොවිතැන් කරමින් හිටපු M.G අපිට එයාගේ තොරතුරු කිව්වා.

"එක එක ජාතියේ මිනිස්සු අපේ ජීවිතේට එනවා. වරදින්නේ නැතුව බැහැ. වරදින්න ඕනේ අනිවාර්යයෙන්. වරදින්නේ නැත්තම් හරි යන්න විදියකුත් නැහැ. රටේ දැවැන්ත අයත් එක්ක වැඩ කරන්න ලැබුණ එකත් ලොකු දෙයක්. ඒවා ජිවිතේ බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. මම කට්ට කාලා ලබා ගත්තු දේවල්. මම ගොඩක් සතුටු වෙනවා. රටේ ප්‍රසිද්ධ, ප්‍රවීණ අය එක්ක වැඩ කරන්න ලැබුණා. රටේ ප්‍රවීණයෝ ආශ්‍රය කරන්න ලැබුණා. ඒ දේවල් වලින් ලැබුණු අත්දැකීම් හොඳ මිනිස්සු ආශ්‍රය කළා, ඒකම ඇති මට. මගේ ජිවිතයේ හැමදේම ගැන අත්දැකීම් මට තියෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා. මේ අවුරුද්දේ ලොකු දේවල් ටිකක් ලැබෙනවා මගෙන් සහ මගේ අලුත් කොන්සට් එකක් තියෙනවා ලබන අවුරුද්දේ ජනවාරි වල. මගේ තනි කොන්සර්ට් එකක්.ඒවාට සූදානමින් ඉන්නේ මේ දවස්වල."

Rate this item
(0 votes)
Last modified on Friday, 19 March 2021 12:14