April 24, 2024

(EXCLUSIVE) M.Gගේ හඬ පටය එළියට - "මම සද්ද වහලා හිටියේ - දැන් කාටවත් මට වාරණ දාන්න බෑ"

M.G. ධනුශ්ක ශ්‍රී ලාංකීය රියැලටි තරු කිරුළ දිනූ ජයග්‍රාහකයෙකි. M .S ප්‍රනාන්දු මහතාගේ ගීතවලට නව ආරක් එක් කරමින් ඔහු ඉදිරිපත් කළ ගායනා රසික හදවත් සොරා ගන්නට සමත් විය.

නමුත් තරු කිරුළ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු පසු පස ආ නීතිමය බාධක තත්වයන් හේතු පාදක කරගනිමින් M.G ආ ගමන මදක් අඩාල විය.

අද අපි කතා කරන්නේ M.G.ධනුශ්කගේ ජීවන තොරතුරු පිළිබඳවයි.

ඉතිං M.G කොහොමද වාසේ දේසේ?

M.G :අයි ඈම් අට් හෝම් අයියේ.

මොකද සද්දයක් නැත්තේ?

M.G : එක එක කාල එනවා සද්ද නැතුව ඉන්න. එතකොට සද්දෙ නැතුව ඉන්න ඕනෙ. ඔන්න දැං ආයෙත් ඇවිල්ලා සද්දෙ දාන. හැබැයි මේ සද්දෙ මගේ. ඒ සද්දෙට වාරණ දාන්න කාටවත් බෑ. M.S ප්‍රනාන්දු මහත්තයා කියන්නෙ ලෙජන්ඩ් එකක්. M.G කියන්නෙ පොඩි මිනිහෙක්. හැබැයි ලංකාවටම M.G ලා ඉන්නෙ එක්කෙනයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 March 2021 11:53