April 19, 2024

“ගමට යන්න බැරිවෙයි - ඒත් මේ ඇත්ත කියන්න ඕන” - සිංහරාජ විනාශය ගැන තරුණියක් හෙළි කරයි

රූපවාහිනි නාලිකාවක ප්‍රශ්න විචාරත්මක වැඩසටහනකට එක්වෙමින් තරුණියක් කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

භාග්‍ය අබේරත්න නම් මෙම තරුණිය විසින් එම වැඩසටහනේ දී ප්‍රකාශ කර සිටියේ සිංහරාජ වනාන්තරය හෝටලයක් ඉදි කිරීම උදෙසා විනාස කරමින් සිටින බවයි.

“මං සිංහරාජේ..හරියටම කිව්වොත් සිංහරාජේ මායිමේ තමා මගේ ගෙවල් තියෙන්නේ..උදේ හවස යද්දී ඇස් පනාපිටම සිංහරාජේ කැළේ එළිවෙනවා මට බලා ඉන්න වෙලා තියෙනවා…” යැයි එහිදී කියා සිටියේය.

සිංහරාජයේ සිටින වැසි වනාන්තරවල ජීවත් වන අලි තිදෙනො ගැනද ඇය එහිදී සඳහන් කර සිටි අතර ඉන් එක් අලියෙකු පිළිබඳව තොරතුරක් නොමැති බවද ඇය සඳහන් කළාය. ඉන් අලි දෙදෙනෙකු පමණක් මේ වන විට සැසිරමින් සිටින බවද ඇය පැවසීය.

“මේ අලි දෙදෙනා සැරිසරන කලාපය, අලිංමකඩ කියලා හඳුන්වන මේ කලාපය මේ දැන් මේ මොහොත වෙද්දී මූකලාන පස්වැටියක් හීනෙන් පෙනුනේ.. හීනෙන් නෙමෙයි හැබැහින්ම දකින්න තියෙනවා.. “ යැයි සඳහන් කළ තරුණිය වැඩිදුරටත් සඳහන් කළේ තමන් විතරක් නෙමෙයි විශාල පිරිසක් මේ සඳහා හඬ නඟන බවයි. 

එහිදී නිවේදකයා විසින් එම ස්ථානයේ කුමක්දැයි විමසූ විට ඇය කියා සිටියේ එම අලිංමකඩ පැවැති ප්‍රදේශයේ හෝටලයක් ඉදි කරමින් සිටින බවයි.

“මිනිස්සු හෝටලයකට එන්නේ ඇයි? ස්භාව සෞන්දර්ය අත් විඳින්න එකේ ඉන්න සත්තු බලන්න.. එහෙම මිනිස්සු එනවා නම් දැන් ඇවිල්ලා බලන්නේ තියෙන්නේ බිල්ඩින් එකනේ.. සත්තු ටික කෝ..” යැයි එහිදී ඇය විමසා සිටියාය. කළු වඳුරා වැනි සතුන්ද දැන් වඳවීමට ලක්වෙමින් සිටින බවටද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“..දැන් අලි දෙන්නයි ඉතිරි වෙලා ඉන්නේ..මම හිතන්නේ නැහැ උන් දෙන්නත් තව වැඩි කාලයක් ජීවත් වෙයි කියලා.. මිනිස්සු ජීවත් වෙන්න ඕන වපසරිය වගේම සත්තුන්ටත් ඒ අයිතිය තියෙනවානේ..අපි එයාලාටත් ඒ අයිතිය දෙන්න ඕන.. මම දන්නේ නැහැ 1997 තියෙනවානේ අපිට කතා කරන්න..මේ වගේ වන සංහාරයක් වෙද්දී, අපි මෙච්චර මේ කියද්දී අදාළ බලාධාරීන් ඇවිත් මේක විමර්ශනය කරන්නේ නැත්තේ මේකට පියවරක් ගන්නේ නැත්තේ එයාලාට ඒ තරම් වැඩ ඇති..” යනුවෙන් පැවසූ ඇය කියා සිටියේ ලංකාවම පුරාවටම මෙම සිදුවීම් වන බවයි.

“සිංහරාජයේ විතරක් නෙමෙයි බැලුවොත් සීඝ්‍රයෙන්..මං දන්නේ නැහැ ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා.. ඉන්න ගෙවල් නැතුවද මිනිස්සුන්ට..”

තරුණියගේ පියාත් මෙය තහවුරු කර සිටි අතර ඔහු එහිදී කියා සිටියේ “මේවා කියලා අපිට අපේ ගමට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා මං මේ කල්පනා කළේ..” යනුවෙනි.

“මම කවදා හරි එතනට ගියොත්, මට ඒ දේ කරන්න පුළුවන් වෙයිනේ..මගේ ටාගට් එක ඒක..” යනුවෙන්ද පවසා සිටියාය. 

“අද වුණත් මට ගෙදරින් පර්මිෂන් එක දෙනවා නම්..මට ඒ අවශ්‍ය ප්‍රජාව ඉන්නවා නම් ..ඕන දෙයක් වුණත් මම ඉදිරිපත් වෙනවා..” යැයිද ඇය සඳහන් කළාය.

Rate this item
(2 votes)
Last modified on Monday, 15 March 2021 11:55

Related items