April 23, 2024

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක එම්.එස් දෝණි පැවිදි වෙයි? (VIDEO)

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි පැවිදි දිවියට ඇතුළු වූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

දෝණි මුලින්ම මෙම පැවිදි ජීවිතයට එකතුව ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් ට්විටර් සමාජ මාධ්‍යයට එකතු කරන්නට ඉන්දීය ප්‍රිමියර් ලීග් නිල විකාශන ආයතනය වන ස්ටාර් ස්පෝර්ට් කටයුතු කර තිබුණි.

බොහෝ දෙනෙක් මෙම ඡායාරූපය සැබෑවටම මහේන්ද්‍ර සිං දෝණි පැවිදි වන්නට ඇති බවට විශ්වාස කළ තිබුණි.

නමුත් දැනගන්නට ලැබෙන කරුණු අනුව මහේන්ද්‍ර සිං දෝණි විසින් මෙම රංගනය ඉදිරිපත් කර තිබුණේ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රචාරණ කටයුත්තක් සඳහා බවයි.

බොහෝ දෙනෙකු පවසා තිබුණේ ස්ටාර් ස්පෝට්ස් නාලිකාවේ වෙළෙඳ ප්‍රචාරණ ක්‍රියාවලියන් අරුම පුදුම බවයි.

මෙය යම් කිසි දෙයක් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ආරම්භ කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරයක මුලික කොටසක් බවද දැනගන්නට ලැබෙයි.

හිටපු ඉන්දීය නායකයා පැවිදි දිවියට ඇතුළු වී සිටින ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)