March 28, 2024

ඉන්දියාවේ කෝකියන්ට චෙෆ් සනත් ජයසූරිය උගන්නපු ලංකාවේ කරිය (VIDEO)

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන විශ්‍රාම ගොස් සිටින ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරඟාවලිය අතර සනත් ජයසූරිය අපුරු වැඩකට දායක වී තිබුණා.

ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හට නැවතී සිටීමට ඉඩ දී තිබුණු හෝටලයේ කෝකියන් සමඟ සනත් ජයසූරිය විසින් මෙහිදී ආහාර පිළියෙල කිරීමට දායක වී තිබුණා.

සනත් හට එම හෝටලයේ කෝකියන් පළඳින හිස්වැසුමක් ද ලබා දී තිබුණු අතර සනත් විසින් ලංකාවේ ක්‍රමයට කරියක් නිර්මාණය කරන්න සමත්ව තිබුණා.

එහිදී සනත් විසින් මාළු කරියක්, පරිප්පු කරියක් සහ තවත් කරි කිහිපයක් ලංකාවේ ක්‍රමයට පිළියෙල කරන්න සමත්ව තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)