April 24, 2024

හිරුණීකා මවක් ලෙස කළ ඉල්ලීම මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුව අවලංගු කිරීමට මහාධිකරණ විනිසුරු නියෝග කර තිබේ.

ඇය නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණ භූමියේ නොසිටීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම තීරණය ලබාදීමට විනිසුරු කටයුතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් හේතු දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස අදහස් දක්වා තිබේ.

අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුල මගේ මාස 1 1/2 ක කුඩා බිලිඳියට කිරි ලබා දෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණ තුල නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙන්තු නිකුත් කර ඇත.

පසුව මාගේ නීතිඥතුමිය, නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය තුල නොසිටීමට හේතු පැහැදිලි කල පසු ගරු විනිසුරුතුමන් මා හට නිකුත් කල වරෙන්තුව අවලංගු කරන ලදී.

එහිදී ගරු විනිසුරුතුමන් ප්‍රකාශ කලේ මින් පෙර කෙදිනකවත් උසාවිය මග හැර නොමැති බැවිනුත් අද දින අධිකරණ තුල නොසිටි හේතුවද සැලකිල්ලට ගනිමින් වරෙන්තුව අවලංගු කරන බවය.

කෙසේ හෝ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට කිරිදීමට හා දරුවාගේ කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා මා දැක ඇත. ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය. ස්තූතියි.

May be an image of 1 person and text

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 March 2021 15:51