April 25, 2024

"මම සින්දු කියනවා, එයා ලෙඩ්ඩු බලනවා" - උරේෂා රවිහාරිගේ අපූරු කතාව

"මම මුල ඉඳලම හිතාගෙන හිටියේ මගේ මහත්තයා වෙන ක්ෂේත්‍රයක කෙනෙක් වෙන්න ඕන කියලා. අම්මා තාත්තා උනත් කිව්වේ එහෙම.මොකද ස්වාමියයි බිරිඳයි දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණාම ක්ෂේත්‍රය කඩා වැටුනොත් ගෙදර ප්‍රශ්න ගොඩගැහෙනවා" මෙහෙම කියන්නේ ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි.

"අපේ තාත්තා ධර්ම ශ්‍රී වික්‍රමසිංහ හැම තිස්සෙම බැලුවේ අපේ අනාගතය ගැනයි. ඉතින් මට මේ යෝජනාව ආවා.හඳහන් ගැළපුණා. මම කැමති වුණා. ඊළඟට බැන්දා" යැයිද උරේෂා රවිහාරි පවසන්නීය.

හදහන් විශ්වාස කිරීම ගැන උරේෂා කියන්නේ අපූරු කතාවක්.

"හදහන් අවිශ්වාස කරන්නේ නැහැ. හැබැයි මම මහලොකුවට හඳහන් පස්සේ යන්නෙත් නෑ. ඒත් විවාහය වගේ විශේෂ දෙයකදී හදහන බලන එක හොඳයිනේ. අපේ සම්ප්‍රදායත් ඒකනේ."

උරේෂා රවිහාරි මෙහෙම කියලා තිබුණේ සති අන්ත අන්ත ජාතික පුවත්පතක ටැබ්ලොයිඩ් කලාපය සමග කතාබහකට එක්වෙමින්.

උරේෂා රවිහාරි මේ වන විට එක් දරු මවක්.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 09 March 2021 15:45