April 24, 2024

ආච්චිව ගේ ඇතුලට දමා මුනුබුරා ගෙට ගිනි තියලා

බළන්ගොඩ කරව්කැටිය ප‍්‍රදේශයේ නිවසක විසූ අවුරුදු 84ක් පමණ වයසැති කාන්තාවකගේ නිවසේ කාමරයට ගිනිතබා ඇයට බරපතළ තුවාල සිදු කර ඇත.

ඒ ඇයගේ 42 හැවිරිදි මුනුබුරෙකු විසිනි.

මෙම සැකකාර මුනුුබුරා තදින් මත්පැනට ඇබ්බැහි වූ අයෙකු බවත් ඔහු මෙම මිත්තණියගෙන් මත්පැන් ගැනීමට මුදල් ඉල්ලා ඊට ප‍්‍රතිචාර නොදැක්වූ නිසා ඇය නිදාසිටි කාමරයට ගිනිතබා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මෙම මහලූ කාන්තාවගේ කෑගැසීම ඇසී අසල්වැසි නිවැසියන් පැමිණ ඇය බේරාගෙන රෝහල් ගතකර ඇත.

ඔහුව මේ මස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 17:57