April 20, 2024

කොල්ලුපිටියේ ගණිකා මඩමක් වටලයි! විදෙස් කාන්තාවන් එක්ක ලිංගික සංක්‍රාන්තිකයිනුත් ඉඳලා (VIDEO)

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය, මුහුදු මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (07) පොලීසිය විසින් වටලා තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී තායිලන්ත ජාතික කාන්තාවන් 03දෙනෙකු සහ විදෙස් ලිංගික සංක්‍රාන්තිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනුණු මොවූන් අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.

මෙම ගණිකා නිවාසයේ හිමිකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)