March 29, 2024

ඇමති විමල් උපන් දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

අදට (07) යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කඩුවෙල, කොරතොට යකාල අභිවර්ධනාරාමයේදී දහවල් දානමය පිංකමක් සංවිධානය කොට තිබිණි.

මෙම දානමය පිංකමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන සංවිධායක දොඩම්පහළ රාහුල නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටියහ.

දානමය පිංකමෙන් අනතුරුව මහා සංඝරත්නය අමාත්‍යවරයාට සෙත්පතා ආශිර්වාද කළහ. 

මේ අතර ජන්ම දින පින්කම් මාලාවට සමගාමීව කඩුවෙල ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 05ක් වෙත නව නිවාස ලබා දීමේ අවස්ථාවක් ද සංවිධානය කොට තිබිණි.

ඒ අනුව අරුප්පිටිය, නැගෙනහිර මාලඹේ, බටහිර මාලඹේ, මාලඹේ උතුර, රග්ගහවත්ත යන ග්රාම සේවා වසම් 05හි පවුල් වෙත අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් මෙම නිවාස හිමිකම් පැවරීම සිදු කෙරිණි. 

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී ද අද (07) සවස ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විණි. බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිකාරී පූජ්ය බොරලැස්ගමුවේ පේමරතන නාහිමි සහ කැලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී දෙහිපෙ චන්දවිමල හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම ආශිර්වාද බෝධි පූජාව පවත්වනු ලැබූහ.

May be an image of one or more people, people standing and indoor

May be an image of 1 person, standing, flower and indoor

May be an image of 2 people and people standing

May be an image of 1 person, standing and text that says 'W'

May be an image of 1 person, standing and indoor

May be an image of 2 people, people standing, indoor and text that says 'W'

May be an image of 2 people, people standing and text that says 'W'

May be an image of 1 person, standing and outdoors

May be an image of 3 people, people standing, people sitting and indoor

May be an image of 1 person, standing, sitting and outdoors

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 March 2021 23:27