April 20, 2024

ලෝකයේ ම අවධානය දිනා ගත් රැප් රජුගේ නවතම මියුසික් වීඩියෝ එක හැදූ ලංකාවේ තරුණයා

රැප් සංගීතයේ රජු විදිහට ලෝකයම සලකනු ලබන “එමිනම් (Eminem)” ගේ නවතම ගීතය ලෙස “Tone Deaf” ගීතය මේ වන විටත් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

මෙම ගීතයේ විශේෂත්වය වන්නේ මෙම ගීතයේ ඇති වීඩියෝවයි. එය ත්‍රිමාණ සජීවිකරණය (Animated) තාක්ෂණය ඔස්සේ නිපදවා තිබෙනවා.

දැනටමත් අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම ගීතයේ මෙම අපුරු රූප රාමු අධ්‍යක්ෂණය කරන්නටත් නිර්මාණය කරන්නටත් සමත් වන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන තරුණයෙක්.

ඔහු නමින් රැන්ඩි ක්‍රිස් පෙරේරා.

රැන්ඩි විසින් මෙලෙස නිර්මාණය කර තිබුණේ එමිනම්ගේ 'Music To Be Murdered By' සංගීත ඇල්බමයේ ඇති 'Tone Deaf' ගීතයයි. අද දිනයේ මෙය නිල වශයෙන් යුටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

රැන්ඩි හට මෙම නිර්මාණය කිරීම සඳහා දවස් 20ක පමණ කාලයක් ගතව තිබුණා කියලා සඳහන් වෙනවා.

48 වැනි වියේ පසුවන එමිනම් කියන්න ලෝකයේ සිටින ගායකයන් අතරින් අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත් ගායකයෙක්. ඔහු රැප් සංගීතයේ රජු විදිහට ලෝකයේ සංගීත ලෝලීන් සලකනවා. එවැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ ගීතයක සංගීත වීඩියෝව නිර්මාණය කිරීමේ භාග්‍ය ලංකාවේ තරුණයෙකුට හිමි වීම පිළිබඳව බොහෝ දෙනෙක් සිය සුබ පැතුම් රැන්ඩි වෙත එකතු කර තිබුණා.

රැන්ඩි විසින් නිර්මාණය කළ ගීතයේ ත්‍රිමාණ සජීවිකරණ සටහන් කිහිපයක් පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Sunday, 07 March 2021 21:26