March 29, 2024

යතුරු පැදි අනතුරින් ජීවිතය බේරුණත් පිටුපසින් පැමිණි ටිපර් රථයක් ජීවිතය උදුරා ගත් හැටි (CCTV)

අද (02) රාත්‍රීයේ දී මාලිගාපිටිය, කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ දී සිදු වූ අවාසනාවන්ත සිදුවීමකින් පුද්ගලයෙකු මරණයට පත්විය.

මෙලෙස අනතුරට පත් වී තිබුණේ යතුරුපැදිකරුවෙකු වන අතර ඔහු විසින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මාර්ගය මැද ඉදි කර ඇති ආරක්ෂිත බැම්මේ වැදී යතුරු පැදිය පෙරළි එහි රියදුරු සමඟ පාරේ අනිත් පැත්තට පෙරළි යයි.

තරමක වෙලාවක් එම ස්ථානයේ ඔහු වැටී සිටින අතර අසළින් ගමන් කළ කිසිදු වාහනයක් නොනවත්වා ධාවනය කිරීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් වැටී සිටි යතුරුපැදිකරු නැගිට පාරේ රැඳී සිටියදී එම මාර්ගයේ පැමිණි ටිපර් රථයක ගැටෙන ආකාරය සිසිටීවි කැමරාවල සටහන්ව තිබුණි.

මෙම වීඩියෝව සම්බන්ධව අදහස් දැක් වූ බොහෝ පිරිසක් සඳහන් කර තිබුණේ ඔහු පසුකර ගිය එක වාහනයක් හෝ නවත්වා අනතුරට පත් පුද්ගලයා පිළිබඳව බැලුවා නම් අවාසනාවන්ත අනතුරක් වළක්වා ගැනීමට හැකියාව තිබු බවයි.

එම අනතුරේ සිසිටීවි දර්ශන පහතින්,

Rate this item
(0 votes)