March 29, 2024

කොහු මිටේ සැඟ වූ ගන්ජා සොයාගත් නිළ සුනඛ "ලෑන්ඩ්"

එරාවුර් ප්‍රදේශයේ ගංජා විකුණන බවට පොලිසියට ලැබුණු ඔත්තුවක් මත පොලිස් කණ්ඩායම් අදාල නිවෙසට ගොස් පරික්ෂා කිරීම් සිදු කරත් ඔවුන්ට එම නිවෙසින් ගංජා පිළිබද කිසිදු හෝඩුවාවක්  සොයාගැනීමට හැකියාව නොලැබුණි. මීට පෙර අවස්ථා කිපයකදීත් මෙම නිවස වැටලුවත් මෙම අදාල නිවසින් ගංජා සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වූ බවයි වාර්තා වන්නේ . නිවෙස හිමි කාන්තාව පවසා සිටියේ තමා මේ වන විට ගංජා විකිණීම සම්පුර්ණයෙන්ම නතර  කර ඇති බවයි. කාන්තාවගේ ප්‍රකාශ පිලිබදව සැහීමකට පත් නොවූ පොලීසිය මඩකලපුව මුලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටින පොලිස් නිල සුනඛ " ලෑන්ඩ් " ගෙන ඒමට ගෙන ඒමට පියවර ගත්තා. පොලිස් නිල සුනඛ "ලෑන්ඩ්" නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කිරීමෙන් අනතුරුව ප්ලාස්ටික් කොස්සක් අසල නැවතී  ඉවකර එය සැපීමට පටන් ගත අතර පොලිසිය සුනඛයා ලබාදුන් හෝඩුවාව ඔස්සේ ක්‍රියාත්මක වී පරික්ශා  කිරීමේදී ප්ලාස්ටික් කොස්සේ මිටෙහි සුක්ෂම ලෙස සඟවා තිබු ගංජා පැකට් 9ක් සොයා ගැනීමට සමත් ව තිබෙනවා. 

Rate this item
(0 votes)