March 29, 2024

කෲඩියා සෙලනිකා ගස තිබෙන ප්‍රදේශයේ තවත් වටිනා නුග ගසක් ගිනි තියලා

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කෲඩියා සෙලනිකා හෙවත් පඩු කරඳ ගස පිහිටි ස්ථානයේ සිට මීටර් 500 පමණ දුරින් දාරළුව වතුමුල්ල මාර්ගයේ ජපන් පාලම අසල පිහිටා තිබු විශාල පැරණි ඉන්දියන් නුග ගසක් ගිනි තැබීම සම්බන්ධයෙන් දේශීය ආධායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.දාරළුව වතුමුල්ල මාර්ගයේ කෙටවල අමුණ වෙල්යායේ 1996 වර්ෂයේදී ජපන් ආධාර මත ඉදි කරනු ලැබූ ජපන් මිත්‍රත්ව පාලම බණ්ඩාරනායක මැතිනියගේ අතින් විවෘත කිරීමේදී මෙවැනි නුග ගස් 05 ක් සිටුවා ඇති අතර ඉන් 03 ක් මේ වන විට මැරී ගොස් තිබුණු අතර ඉතිරිව තිබු නුග ගස් දෙකට මෙසේ ගිනි තබා තිබෙනවා . ගිනි ගැනීමට ලක්වූ නුග ගස හේතුවෙන් ඊයේ දිනයේදී පෙරවරු 11.00 පමණ වනතෙක් මාර්ගයේ ගමනාගමනය ඇන හිට තිබු බව පැවසෙනවා .

මෙයට පෙරද මෙම නුග ගසට ගිනි තබා තිබුණු බවත් එය ප්‍රදේශයේ ආබාධිත රණ විරුවෙකුගේ මැදිහත් වීමෙන් ප්‍රදේශවාසීන් එක් රැස්ව නිවාදැමු බව ප්‍රදේශවාසීන් පවසා සිටියා.

Rate this item
(0 votes)