April 25, 2024

නියමුවාටත් හොඳටම පහර දී පූසෙක් ගුවන් යානයක් පැහැර ගන්න හදලා - මගී යානය හදිස්සියේ ගොඩ බස්සවයි

කුකුළෙකු විසින් පහර දී පුද්ගලයෙකු මිය යාමේ පුවතක් ඉන්දියාවෙන් පසුගියදා වාර්තා වුණු අතර එවන් ආකාරයේම තවත් සිදුවීමක් සුඩානයෙන් ද වාර්තා වෙයි.

මෙහිදී පූසෙකු විසින් සූඩානයේ ගුවන් යානයකට ඇතුළු වී එහි නියමුවාට පහර දී ඇති බවට වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබුණේ සුඩානයේ අගනුවර වන කාර්ටෝම් හි ගුවන්තොටුපළ වෙත මගී ගුවන් යානයක් හදිස්සියේ ගොඩ බසා ඇති බවයි. එයට හේතුව වී තිබුණේ කෝපයට පත් බළලෙකු කෙසේ හෝ නියමු කුටියට ගොඩවී ගුවන් ගත වූ විගස ගුවන් නියමුවන්ට පහර දුන් බවයි.

කටාර්හි අගනුවර වන දෝහා බලා පිටත් වූ සුඩාන ටාර්කෝ ගුවන් යානය මුළුමනින්ම සාමාන්‍ය පරිදි සිදු වෙමින් පැවති තිබුණු අතර පූසාගේ මෙම හදිසි ප්‍රහාරය හේතුවෙන් නොසිතු තත්ත්වයක් ගුවන් යානය තුළ ඇති විය.

කාර්ටෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වූ ගුවන් යානය පැය භාගයක පමණ කාලයක් සිය ගමන තුළ ගමන් කර තිබිය දී එම ගුවන් යානය තුළ මෙලෙස ලියාපදිංචි නොවූ අනවසර මගියෙකු වූ මෙම පූසා නියමුවන්ගේ කුටිය තුළ සිටියදී දැක තිබේ. 

අල්-සුඩානි පුවත්පත මෙම සිදුවීම තරමක් හාස්‍ය අයුරින් වාර්තා කර තිබුණේ “මම අනවසර මගියා රුදුරු පූසෙකු” ලෙසිනි.

මෙම පූසාව අල්ලා ගැනීමට උත්සාහ කළ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පූසා විසින් පහර දී තිබුණි. අවසානයේ ප්‍රධාන නියමුවා විසින් ගුවන් යානය නැවත ගුවන්තොටුපොළ වෙතට ගෙන යෑමට තීරණය කළේ මෙම පූස් කොල්ලකරුවා නැවැත්වීමට නොහැකි වූ බැවිනි.

අල්-සුඩානි පුවත්පත මේ සිදුවීම ගැන වාර්තා කර තිබූ ආකාරයට යානය ගුවන් ගත වීමට පෙර කාර්ටෝම් ගුවන්තොටුපලේ  ස්ථානයක මෙම පූසා රාත්‍රියක් ගත කර ඇති බවයි. එමෙන්ම එම පුවත්පත වාර්තා කර තිබුණේ පිරිසිදු කිරීමේ හෝ ඉංජිනේරු සමාලෝචනයේදී පූසාද ගුවන් යානය තුළට රිංගා පසුව ගුවන් නියමුවන් පුදුමයට පත් කිරීම සඳහා නියමු කුටිය තුළ තුළ සැඟව සිටින්නට ඇති බවයි.

මීට පෙර අවස්ථාවන් කිහිපයකම බළලුන් විසින් ගුවන් යාන තුළ මෙවන් බිහිසුණුකාරී තත්ත්වයන් ඇති කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(2 votes)