April 20, 2024

සාමාන්‍ය පෙළ ජය ගන්න සුබ නැකැත් මෙන්න

මේෂ -
 
 උදේ 7.01 ට නැගෙනහිර බලා පිටත්වීම සුබයි. කේතු අටේ ගමන් කරනවා. සැකයක් තියාගන්න එපා. විභාගය සමත්වෙනවා කියලම විශ්වාස කරන්න. ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කරන්න. රතුමල් පස්තෙල් පහන් පූජා කරන්න.
 
 වෘෂභ -
 
 උදේ 7.01 ට නැගෙනහිර බලා පිටත්වීම සුබයි. විභාග දිනවල විනෝදය පාලනය කරන්න. මිශ‍්‍රපාට මල්, පස්තෙල් පහන් පූජා කරන්න. ජය පිරිත කියන්න.
 
 මිථුන -
 
 සෙනසුරු අටේ ගමන් කරන නිසා අලසබව
 
 ජයගන්න ඕනෑ. නිල්මල් කොහොඹ තෙල් පහන් පූජා කර ජය පිරිත කියන්න. උදේ 7.15 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 කටක -
 
 සිකුරු රවි අටේ ගමන් කරනවා. විනෝදය පාලනය කරන්න. ඌෂ්ණාධික ආහාර අඩු කරන්න. සූරිය පිරිත හො`දයි. උදේ 7.15 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 සිංහ -
 
 සෞඛ්‍ය රැුක ගන්න. පැණිරස ආහාර අඩු කරන්න. සිල්වත් පුංචි හාමුදුරු කෙනෙකුට දහම් ප`ඩුරු පූජාවක් කරන්න. සබ්බපාපස්ස ගාථාව භාවිතා කරන්න. කොහොඹතෙල් පහන් පූජා කරන්න. උදේ 6.57 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 කන්‍යා -
 
 විනෝදාංශ පාලනය කර ගන්න. මිශ‍්‍රපාට මල් පස්තෙල් පහන් පූජා කරන්න. උදේ 6.53 හෝ 7.15 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 තුලා -
 
 කුජ රාහු අටේ ගමන් කරනවා. අනතුරුවලින් ප‍්‍රවේශම් වන්න. චන්ද පිරිත හො`දයි. රතුපාට මල් පූජා කරන්න. ඉවසන්න පුරුදු වෙන්න. උදේ 6.53 හෝ 7.15 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 වෘශ්චික -
 
 හිතේ සැකය තියාගන්න එපා. විශ්වාසය ඇති කරගන්න. රතුමල් තැඹිලි තෙල් පහන් පූජා කරන්න. කරණීය මෙත්ත සූත‍්‍රය හො`දයි. උදේ 7.01 හෝ 7.15 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 ධනු -
 
 සෞඛ්‍ය රැුකගන්න අමතක කරන්න එපා. ඖෂධ පූජාවක් කරන්න. රතුමල්, පස්තෙල් පූජා කර සබ්බ පාපස්ස ගාථාව කියන්න. උදේ 6.53 හෝ 7.01 ට
 
 නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 මකර -
 
 ශනි ලග්නයේ ගමන් කරනවා. අලස බව දුරලන්න. සෞඛ්‍ය රැුකගන්න. නිල් මල්, ඖෂධ පූජාව කරන්න. කරණීය මෙත්ත සූත‍්‍රය කියන්න. උදේ 6.53 හෝ 7.15 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 කුම්භ -
 
 සඳු අටේ ගමන් කරනවා. වතුරෙන් ප‍්‍රවේශම් වන්න. කිරි ආහාර. සුදුමල් පූජා කරන්න. චන්ද පිරිත කියන්න. සෞඛ්‍ය රැුක ගන්න. උදේ 7.15 ට නැගෙනහිර බලා පිටත් වෙන්න.
 
 මීන -
 
 ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වන්න. කහමල්, තැඹිලි තෙල් පහන් පූජා කරන්න. සබ්බ පාපස්ස ගාථාව කියන්න. උදේ 6.53 හෝ 7.01 ට  නැගෙනහිර බලා පිටත් වෙන්න.

කෑගල්ල සුනිල් කුමාර ගම්ලත් මහතා - දිවයින 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 07:41