April 19, 2024

අමිතාබ් බච්චන්ට හදිසි සැත්කමක්

February 28, 2021

ඉන්දීය සිනමාවේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළුවෙකු වන අම්තාබ් බච්චන්ට තමන් හදිසි සැත්කමක් සඳහා සුදානම් වන බව සිය පෞද්ගලික බ්ලොග් අඩවියේ සටනක් තබමින් පවසා තිබේ.

ඔහු එහිදී සඳහන් කර තිබුණේ “සෞඛ්‍ය තත්ත්වය...සැත්කමක්...තවත් ලියන්න බැහැ” යනුවෙනි.

මෙම සටහනත් සමඟ අම්තාබ්ගේ ලෝකය පුරාම විසිරි සිටින රසික රසිකාවියන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිනුම් තුළ සිනමා දැවැන්තයා වෙනුවෙන් ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කර තිබුණි.

අම්තාබ් බච්චන් මේ දිනවල සිය නවතම චිත්‍රපටය වන “Mayday” සඳහා රංගනයෙන් දායක වෙමින් සිටින බවත් සඳහන් වෙයි.

අම්තාබ් බච්චන් මේ වන විට 78 වෙනි වියේ පසුවෙයි.

Rate this item
(0 votes)