March 29, 2024

දරුවෙක් වඩාගෙන සිටි මවට පිහි ඇනුම් ප්‍රහාරයක් දරුවා බේරා ගැනීමට ගිය මව මිය යයි (සංවේදී දර්ශන සහිතයි - CCTV)

February 28, 2021

ඉන්දීයාවේ දිල්ලි නුවර දී 25 හැවිරිදි මවකට පිහි ඇනුම් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම සිදුවීම වී තිබුණේ ඊයේ (27) දිනයේ දීය.

ඒ ඇය සිය අවු.2ක් පමණ වන දරුවා සහ ඇයගේ මව සමඟ වෙළෙඳපොළ වෙත ගොස් පැමිණෙන අවස්ථාවේදීය.

ඇයගේ ගෙලේ තිබූ මාලය කඩා ගැනීමට පසුපසින් පැමිණෙන පුද්ගලයෙකු සමඟ ඇය ගැටුමක් ඇති කරගෙන තිබුණි.

එම අවස්ථාවේ දී ඇයට එම පුද්ගලයා විසින් පිහි ඇනුම් ප්‍රහාරයක් එල්ල කරන අතර ඇය අතින් සිය දරුවාද බිම ඇඳී වැටෙන ආකාරය සිසිටීවි කැමරාවල සටහන්ව තිබුණි.

පිහි ඇනුම් ප්‍රහාරයට ලක් වූ තරුණිය සහ ඇයගේ මව එක්ව සොරකමට පැමිණි පුද්ගලයාට පහර දී පන්නා ගැනීමට සමත් වූවත් තරුණියට දැඩි පිහි ප්‍රහාරවල් කිහිපයක් එල්ල වී තිබුණු බවට ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි.

 පසුව එම පිහි ඇනුම් ප්‍රහාරයෙන් තරුණිය මිය ගොස් ඇති බවට ඉන්දියානු පොලීසිය සඳහන් කර තිබේ.

ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය කාල සීමාව තුළ මෙවැනි අපරාධ බොහෝමයක් නව දිල්ලි නුවරින් වාර්තා වූ බවයි.

එම අවස්ථාවේ සිසිටීවි දර්ශන පහතින්,

Rate this item
(0 votes)