February 25, 2021

අපහාසාත්මක කමෙන්ට් නිසා “Angela Hutti” මාධ්‍යවේදිනියගේ ෆේස්බුක් ගිනුම ශ්‍රී ලංකාවේ අයට නැරඹිය නොහැකි ලෙස අවහිර කරයි

February 23, 2021

ෆෝක්ස් මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාලිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ‘’ඇන්ජෙලා හටී (Angela Hutti)’’ ගේ ෆේස්බුක් ගිනුම ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් හට නැරඹිය නොහැකි ලෙස අවහිර කර තිබේ.

මෙහිදී ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම නිසා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කර තිබූ අතර පසුව බොහෝ දෙනෙක් එම මාධ්‍යවේදීනියට සහ ඇයගේ ගිනුමට ගොස් ඇයට අපහාසාත්මක ලෙස කමෙන්ට් දැමීමට කටයුතු කර තිබුණි.

දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවීම නිසා මේ වන විට ඇයගේ ෆේස්බුක් සමාජජාල ගිනුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබෙන බව දැකගත හැකි විය.

මෙම සිදුවීමත් සමඟ මෙරට නම ජාත්‍යන්තරය තුළ අපහාසයට පත්වන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පිරිසක් විසින් ඔවුන්ගේ ගිනුම් තුළ ලිපි පළ කරමින් පවසා තිබුණි.

ඇන්ජෙලා හටී යනු ෆෝක්ස් නාලිකාව තුළ වඩාත් ජනප්‍රියම මාධ්‍යවේදීනයක් වන අතර ඇයගේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් ප්‍රවෘත්ති වැඩසටහනක් ද වෙයි.

Rate this item
(10 votes)