April 25, 2024

“ඒ අයගේ නොහැදියාව අපිට හදන්න බැහැ - ඒක දෙමාපියන්ගේ වැඩක්” - ජනප්‍රිය නළු පුබුදු ඕනෑ නැති කමෙන්ට් දාන අයට කියපු කතාව (VIDEO)

February 22, 2021

ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතය වේගයෙන් ඉදිරියට පැමිණීමත් සමඟ අද වන විට ලෝකයේ කලාකරුවන් සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් අතර ඇති දුර අවම ඇති බවට දැකගන්නට පුළුවනි.

මේ නිසාම මෙම නළු නිළියන්ට හොඳ වගේම නරක ප්‍රතිචාරයනුත් අසන්නට දකින්නට මෙන්ම කියවන්නට ලැබෙයි. මේ නිසා සමහර අවස්ථාවලදී ප්‍රේක්ෂකයන් අතර සහ නළු නිළියන් අතර උණුසුම් වාද විවාදයන් ඇති වීමද අද සුලභ දෙයක් බවට පත් වී තිබේ.

මෙවැනි සිදුවීම්වලට වත්මන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන පුබුදු චතුරංග විසින් ද රූපවාහිනී කලා වැඩසටහනකට එක්ව පිළිතුරු ලබා දී තිබුණි.

එහිදී ඔහු එහිදී පවසා සිටියේ 70 දශකයෙන් පසුව පැමිණි විවෘත ආර්ථිකය හේතුවෙන් පොරවල් සහ කබ්බන් මිශ්‍ර වුණු බවත් මේ නිසා කබ්බන්ටද “සෙලින් ඇන්ඩ් බයින්” ක්‍රමය හරහා මුදල් උපයා ගැනීමට හැකි වීම නිසා ඔවුන්ගේ වෙනස සොයා ගැනීමට නොහැකි වු බවද පුබුදු කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ “මේ වගේ ඉන්න අයට ආයුධයක් වගේ.. හැමෝටම මේ වෙපන් එක හම්බුණා.. සොශල් මීඩියා කියන වෙපන් එක..දැන් එයාලා දන්නේ නැහැ කාටද වෙඩි තියන්නේ, කොහෙටද වෙඩි තියන්නේ ” යැයිද සඳහන් කර සිටි අතර තවත් කියා සිටියේ ඔවුනට හර පද්ධතියක් නොමැති බවයි.

“නරක කමෙන්ට් දාන හැමෝගේම හේතුව එයාලාගේ ළමා කාලයේ තියෙන අර්බුදයක්.. ඒ කියන්නේ දෙමාපියන් විසින් ඒ අයගේ මානසිකත්වය හරියට හදලා නැහැ..ඒ හැදියාව නිසා ප්‍රශ්නයක් මිසක් වෙන මොකුත් නෙමෙයි..” යනුවෙන් ද ජනප්‍රිය රංගන ශිල්පියා සඳහන් කර සිටියේය.

හොඳ දියුණු රටක දාන කමෙන්ට්වලින් ලැබෙන විවේචන තුළ ඇත්තේ ගොඩ නැංවීම සඳහා කරනු ලබන විවේචන බවද පුබුදු චතුරංග පෙන්වා දී තිබුණු අතර ඔහු එහිදි කියා සිටියේ ලංකාවේ ලැබෙන විවේචන හා ඒවා අතර විශාල පරතරයක් පවතින බවයි.

කමෙන්ට් දාන අයගේ හැදියාව තමන්ට සෑදීමට නොහැකි බවත් එය දෙමාපියන්ගේ වැඩක් බවත් ද පුබුදු සඳහන් කර සිටියේය.

මෙම අදහස් ප්‍රකාශ කිරීම ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර විසින් පළ කර තිබුණු අතර ඔහු එය පළ කර තිබුණේ “කලබල වෙන්න එපා..නිකමට දැම්මේ…” යනුවෙනි. 

මෙයට මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දැඩි විරෝධයක් ද එල්ල වී තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

සාරංග දිසාසේකර විසින් පළ කර තිබූ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 22 February 2021 15:26