April 25, 2024

විවාහ මංගල්‍ය උත්සවය අවමංගල්‍යයක් වූ හැටි - සංවේදී වීඩියෝ දර්ශන සහිතයි

February 18, 2021

ඉන්දීයාවේ උත්තර් ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයක් අවස්ථාවේ අවාසනාවන්ත රිය අනතුරක් වී තිබුණි.

මෙහිදී පිරිසක් විසින් මනමාලියව විවාහ උත්සවය පැවැත්වෙන ස්ථානය වෙත රථ වාහන පෙළ පාළියකින් ගෙන යන අවස්ථාවේ දී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් වාහනයක ගැටීමෙන් පිරිසක් අනතුරට පත්ව තිබුණි.

මෙහිදී ඔවුන් නටමින් විනෝද වෙමින් පාරේ ගමන් කරන අවස්ථාවේ වේගයෙන් පැමිණි රථයක ගැටී තිබුණු අතර අධික ශබ්දයක් නගමින් පුද්ගලයින් කිහිප දෙනෙකු අඩි ගණනක් ඉහළින් විසි වී යන ආකාරය දැකගත හැකිවිය.

මෙම අනතුර නිසා පුද්ගලයෙකු මිය ගොස් තවත් 12කට පමණ බරපතළ හානි සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම අවස්ථාව එතැන සිටි පුද්ගලයෙකුගේ දුරකථන කැමරාවේ සටහන්ව තිබුණේ පහත අයුරිනි.

Rate this item
(0 votes)