April 20, 2024

අධික ලස්සන වෙන්න ප්ලාස්ටික් සැත්කම් කළ චීන සුරූපිණියට වැඩ වැරදුණු හැටි (PHOTO)

February 08, 2021

චීනයේ මීට මාස කිහිපයකට පෙර නැගී එන සුරූපී ගායිකාවක් මෙන්ම නිළියක් වූ ගාඕ ලිවූ හට ඇයට කළ සැත්කමක් වැරදීම නිසා රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ ඇය විසින් ඇයගේ නාසය සකසා ගැනීමට කළ රූපලාවන්‍ය ප්ලාස්ටික් සැත්කමක් මෙලෙස ආසාධනය වීම නිසා ඇයගේ නාසයේ ඉදිරි කොටස ආසාදනය වී මිය ගොස් තිබුණි.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ දී ඇය විසින් මිතුරෙකු හරහා රූපලාවන්‍ය ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හඳුනා ගෙන තිබුණු අතර ඒ අනුව ඇය විසින් ඇයගේ නාසයේ හැඩය තවත් සකසා ගැනීමට කටයුතු කර තිබුණි.

එම සැත්කමින් අනතුරුව ඇයගේ නාසය ආසාදනය වී තිබුණු අතර ඇයට නෙරෝසිස් (necrosis) නම් තත්ත්වය ඇතිව තිබුණු අතර ඇයගේ නාසයේ සම මිය යාමට පටන්ගෙන තිබුණි.

පසුව ඇයට එම සැත්කම කළ රෝහල සහ වෛද්‍යවරයා ගැන සොයා බලා ඇති අතර එහිදී එම රෝහලට රූපලාවන්‍ය සැත්කම් හෝ එවැනි කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හෝ එයට නීතියානුකූල අවසර හිමිව නොමැති බව සඳහන් සොයාගෙන තිබේ.

මාස කිහිපයකට පෙර නැගී එන සුරූපී ගායිකාවක් වූ ඇය එක්වරම සමාජ මාධ්‍යයෙන් සහ පැපරාසි සහ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටිම නිසා බොහෝ පිරිසක් ඇයව සොයා තිබුණු අතර පසුව ඇය සමාජ මාධ්‍යයේ පෙනි සිටිමින් තමන්ට සිදු වු අනතුර පිළිබඳව සියලු දෙනාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී ඇය විසින් අනිසි රූපලාවන්‍ය කටයුතු නිසා සිදුවන අනතුරු ගැන පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීමටද කටයුතු කිරීමට අමතක කර නොකළාය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2021 13:05