March 28, 2024

දුක්බර ෆේස්බුක් සටහනක් තැබූ සුරූපී ඉන්දිය නිළියක් සිය ජීවිතය අහිමි කර ගනී

ඉන්දීය කන්නඩ සිනමාව තුළ ජනප්‍රියත්වයට පත්ව සිටි 30 හැවිරිදි සුරූපි නිළියක් වන ජයශ්‍රී රාමයියා ඉන්දියාවේ ආශ්‍රමයකදී සියදිවි හානි කරගෙන ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (25) දිනයේ දී ඇය මෙලෙස ඉන්දියාවේ බෙංගලූර්වල පිහිට සන්ධ්‍යා කිරන් නම් ආශ්‍රමයේ දී මිය ගොස් සිටිය දී සොයාගෙන තිබු බව සඳහන් වෙයි.

එම ආශ්‍රමය තුළ ඇය විසින් විශාදය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි බවටත් වාර්තා වී තිබුණි.

ඇය විසින් ෆේස්බුක් සටහනක් තබමින් වරක ඇයට මානසික අවපීඩනය දරා ගත නොහැකි බවත් ඇයට ජීවිතයෙන් සමු ගැනීමට ඕන බවත් පවසා තිබුණි. පසුව ඇය විසින් එම සටහන ඉවත් කර තිබූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම සටහනෙන් දින කිහිපයකට පසුව ඇය නැවත වරක් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ “මම හොඳින්, හැමෝමටම ආදරෙයි” යනුවෙනි.

තමන් සියලු දෙයින් ස්ථාවර වුවත් මානසිකව අස්ථාවර බවත් ඇයට මරණය අවශ්‍ය බවත් ඇය කිහිප වරක්ම සඳහන් කර තිබූ බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍ය වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

ඇයට ලැබුණු අවස්ථාවන් අවම වීම පිළිබඳව ඇය නොසතුටින් සිටි බවත්, එය ඇගේ මිතුරියන් සමඟ ඒ පිළිබඳව අදහස බෙදාගෙන ඇති බවත් වාර්තා වේ.

ඇය පවුලේ අයගෙන් සහ මිතුරන්ගේ පණිවිඩ සහ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීම නැවැත්වූ අතර පසුව ඇය ආශ්‍රමයට සම්බන්ධ වූවාය.

ඇය ආශ්‍රමය තුළ දකින්නට නොලැබීම නිසා එම නිලධාරීන් විසින් සොයා බැලීමක් කර තිබූ අතර එහිදී ඇය ඇයගේ කාමරය තුළ මිය ගොස් සිටියදී සොයාගෙන තිබුණි.



Rate this item
(0 votes)