දෙරණ නාලිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක් වන තිලිණි නානායක්කාර කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වුන මාධ්‍යවේදිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය කාලයේ යුග දිවියට පිවිසුනේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ් යබල මණ්ඩලයේ හිටපු කැදවුම්කරුවෙකු වන ලහිරු විරසේකරත් එක්කයි.
ලහිරු වීරසේකරත් එක්ක යුග දිවියට පිවිසුණු අපේ නිවේදන ශිල්පිණිය ගැන බොහෝ දෙනෙක් අතර පහුගිය දවස් වල කතා බහට ලක්වුණා.
ඉතින් කොහොම නමුත් කාටත් ආදර්ශයක් ලබාදෙමින් සාර්ථක යුග ජීවිතයක් ගත කරන මේ දෙන්නා මේ වනවිට උතුම් මව් පිය පදවිය ලබන්න සුදානම්ව ඉන්න පුවතක් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.
ඉතින් මේ විදිහට මව් පදවියට සුදානම් වන තිලිණි නානායක්කාර ඉතාමත්ම අපූරු ආදරණීය ප්‍රෙග්නන්සි ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්නට ලැබුණා.